ඉන්ධන නෑ.. රාජ්‍ය සේවකයන් කැදවීම සීමා කරන්නැයි කියයි.. පඩිත් අඩු කරනවාලු..
May 18, 2022 at 6:20 am | lanka C news
රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සීමා කරන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා විසින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ.
පවතින ඉන්ධන අර්පුදය හා විදුලිය, ජලය ආදිය භාවිත සීමා කිරීමේ අරමුණින් මෙම දැනුම්දීම කර තිබේ.
කාර්යාල කටයුතුවලට බාධා නොවන ලෙස අත්‍යවශ්‍ය කාර්යමණ්ඩල පමණක් සේවයට කැඳවීමට කටයුතු කරන්නැයි ද කොමසාරිස්වරයා දැනුම් දී ඇත.
එහිදී ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව කටයුතු කිරීමට ඉඩ ලබා දෙන ලෙසද ඔහු ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.
එමෙන්ම දුර බැහැර සිට සේවයට වාර්තා කරන අය තමන් පදිංචි ස්ථාන අසල සේවා ස්ථානයකට තාවකාලිකව අනුක්ත කරන්නැයිද දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් මෙම ලිපිය සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ සේ නිවසේ සිට සේවය කරන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ද අඩු කිරීමට සිදුවන බවයි.
සතියකට දිනක් පමණක් කාර්යාලයට යන , ඉතිරි දින වලදී තමුන්ගේ පුද්ගලික වැඩ කරගෙන ජිවත් වන රජයේ සේවකයන්ද සිටින අතර ඔවුන්ට අමතර වැඩ කොටසක් භාර දීමෙන් රජයේ අදායම වැඩි කරගත හැක.
Please stop 3 times bonus in the semi government or government departments.
CEB, Oil and Harbour.
CEB engineers need to do Engineering works rather than the media works.
Where is Wind Energy ???
Where is the Solar Energy ???
Very true
Budu Ammo !
These State Services personell come to office and under supervision do no work. Do you think they will do any work without any supervision?
They have no love for the people or the country.
මේ වගේම මැති ඇමති දීමනාද අඩු කරන්න
රජයේ ඉහල සහ මැද සර්ලාට මැඩම්ලාට බස් වල එන්න ලැජ්ජාලු, වැඩ නොකර ඉන්න ලැජ්ජා නැල්ලු. අවශේෂ සේවකයන් සමග ගැප් තියාගන්න බැරිලු. මේ නිලධාරිවාදය ගෝත්රවාදය වෙනස් කරන්න
“………….. නිවසේ සිට සේවය කරන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ද අඩු කිරීමට සිදුවන බවයි. …………….”
01) කවුද මේ කියන නිවසේ සිට සේවය කරන රාජ්‍ය සේවකයන් කියා ප්‍රවෘත්තියේ පැහැදිලිව කියා නෑ.
02) වැටුප කොතෙකින් අඩු කරනවාද?
03) කරුණාකර අදාළ ගැසට් නිවේදනය පළ කරන්න.
අපි බලයට ආවම මුලු රටම රාජ්‍යසේවය කරනවා. හැමෝටම මාස් පඩි දී පැන්ෂනුත් දෙනවා. 🙃🙃