ඉන්ධන නෑ.. සියළු ඩීසල්, දැවිතෙල් බලාගාර නවතී..

July 24, 2022 at 1:20 pm | lanka C news
ඉන්ධන නෑ.. සියළු ඩීසල්, දැවිතෙල් බලාගාර නවතී..

කැලණිතිස්ස ඒකාබද්ධ විදුලිබලාගාරය ඉන්ධන නොමැතිවීම හේතුවෙන් සිකුරාදා රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කර තිබේ.

කැලණිතිස්ස බලාගාරය ද නැවත ක්‍රියාත්මක කිරීමේ දිනයක් කිව නොහැකි බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශක ඇන්ඩෲ නවමනි සඳහන් කළේය.

එම බලාගාර නැවත විදුලි උත්පාදනය කිරීම සඳහා නැප්තා හෝ ඩීසල් ලබාදිය යුතු බවද පවසන ඔහු බලාගාරය බල ගැන්වීමට ඩීසල් ලීටර් මිලියනයක් අවශ්‍ය බවද පැවසීය.

ඉන්ධන හිඟය මත තවත් ඩීසල් බලාගාර කිහිපයක් ද මේ වන විට වසා දමා තිබේ.

දැනට ලංකා විදුලිබල මණ්ඩලයට අයත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හැර අනෙකුත් තාප බලාගාර ක්‍රියාත්මක නොවෙයි.

මේ වන විට මෙරට විදුලි ඉල්ලුමෙන් සියයට හතළිහක් පමණ ජල විදුලියෙන් සහ සියයට තිස් හතරක් ගල් අගුරු බලාගාරයෙන්ද අනෙක් අවශ්‍ය ප්‍රමාණය ඉන්ධන දහනයෙන් හා පුනර්ජනනීය බලාගාරවලින් ද සපයා ගැනේ.

65,312 views

11 Comments to “ඉන්ධන නෑ.. සියළු ඩීසල්, දැවිතෙල් බලාගාර නවතී..”

  1. RusLanka says:

    මේ ජාතික ආපදා අවස්ථාවේ රුසියාවෙන් ඉතා අඩු මිලට ලංකාවේ ජනතාවට අඛන්ඩව ලබා දීමට සූදානම් බොර තෙල් යොදාගෙන සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කෙරෙන්නේ නම් පෙට්‍රල් හා ඩීසල් ඇතුලුව ඛනිජ තෙල් ආශ්‍රිත නිශ්පාදන 8ක් නිපදවේ.
    ගෑස් ඉන් නිපදවෙන ප්‍රධාන ඵලයකි.
    මුරණ්ඩු හොර දූෂිත වලල්ල පරදවා, ලංකාවේ ජනතාවට පිදෙන රුසියාවේ මිත්‍රත්වයේ හස්තය පිලිගෙන සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත පණ ගන්වා වැටී ඇති රටට නැගී සිටින්නට උර දෙමු.

    • Shameless_Fellow says:

      මොකක්ද? මේ දේශපාලන ප්‍රචාරණයක්.

    • රුසියාව කළණ මිතුරෙකි says:

      සමස්ථ ජාතියේ අත්සන් යොදා ව්ලදිමීර් පූටින් වෙත තෙල් ඉල්ලා ලිපියක් යොමු කරමු.
      තුලා ලග්නයේ උපත ලද තුලනාත්මකව කරුණු සලකා බලන පූටින් අපට පිහිටවනු ඇත.

      • අරාබි වසන්ත සමරසිංහ says:

        ගොල් ෆේස් එකේ ඉන්නේ අරාබි වසන්තයේම ප්‍රභේදයක්.සිංහල දෙමළ ඩයස්පෝරාවෙන් මෙහෙයවෙන්නේ.
        ඔවුන් කවදාවත් ඔය ලිපියට අත්සන් තියන්නෙ නෑ.

      • උද්දික පුතා says:

        තෙල් ඉල්ලා පුම්ක දෙමු පුටින් සර් ප්ලීස් අපිට අරින්න

  2. රත්නසිරි says:

    Mrs රනිල් වික්‍රසිංහ නොහොත් (සා)ගල රත්නායක

    • අනුර දිසානායක says:

      වික්‍රමසිංහ කියල කොටාගන්න බැරි ගොන් හුම්තෙක්

  3. සමනල says:

    සමනල ජනපති, දෑන් මෝකද කියන්නේ ? විධායක බලයට වැඩිය මහජන බලය වැඩි බව ලගදීම දැන ගන්න ලැබෙයි. 134 ට පොරොන්දු වෙච්ච ගෙවල් ටික ඉක්මනින් හදා ගනිල්ලා.

    • හිටං හුට‍ං says:

      මෛත්‍රී පිස්සු ජනපතියාට වඩා නම් සමනල ජනපති හොඳා

  4. පොඩි මල්ලි says:

    24 වෙනදා දැවි තෙල් නැවක් බෑවානේ….ඒවා කොහෙටද ගියේ

  5. D P Prasad says:

    මෙරටට ඉදිරියේදී ඉන්ධන ලැබීම අවිනිශ්චිතයි මම හිතන විදිහට GSP+සහනය හා IMF මුල්‍ය ආධාර නොලැබෙන තත්වයක් තියෙන්නෙ

Main News