ඉන්ධන නෞකාව යලි ගිනි ගැනීමේ අවදානමක්.. ගැඹුරු මුහුදට ඇදගෙන යයි…

September 5, 2020 at 5:30 pm | lanka C news
ඉන්ධන නෞකාව යලි ගිනි ගැනීමේ අවදානමක්.. ගැඹුරු මුහුදට ඇදගෙන යයි…

අම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ ඉන්ධන නෞකාව මේ වන විට නැගෙනහිර වෙරළෙන් නාවුක සැතපුම් 40කට වඩා එනම් කිලෝමීටර් 75 කට වඩා දුරකට ඇදගෙන ගොස් ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා මුහුදු තීරයට සැතපුම් විස්සක් පමණ ආසන්නයට පැමිණ තිබූ නෞකාව පූර්ණ වශයෙන් ගින්න පාලනය කිරීමෙන් පසු මෙම ඉවතට ඇදගෙන යාම සිදු කරමින් ඇත.

නාවික හමුදාව සඳහන් කරන්නේ ගැඹුරු මුහුදේ වරින් වර ඇතිවන සුළං හේතුවෙන් නැවතත් ගින්නක් අවදානම් ඇති වීමේ අවධානමක් පවතින බවයි.

නමුත් එවැනි අනපේක්ෂිත ගින්නක් පාලනය කිරීමේ කටයුතු ද සූදානමින් ඇතැයි ද නාවික හමුදාව කියා සිටී.

මේ වන විටත් නෞකාවෙන් ඉන්ධන කාන්දු වීමේ අවදානමක් නැති බව ද නාවික හමුදාව නිවේදනය කරයි.

36,432 views

7 Comments to “ඉන්ධන නෞකාව යලි ගිනි ගැනීමේ අවදානමක්.. ගැඹුරු මුහුදට ඇදගෙන යයි…”

  1. ලොලිපොප් මොංගල් says:

    ඔිකේ තියෙන ඉන්ධන වෙන නෞකාවකට මාරැ කරන්න හැකියාවක් නැද්ද.

  2. ගරු මගේ මොලේ මැටි ඇමති says:

    අපේ ස ට ක්‍රෙඩිට් එක ගන්න බැරි වෙච්ච එකේ රෑට හොරෙන් ගිහින් ආයෙත් මුල ඉඳන් නිවමුද ? ඊට පස්සේ නැව ඇදගෙන ඇවිත් බොර තෙල් ටික තිරිකුනාමලයට බා ගන්න එකයි ඇත්තේ.

  3. 77 UNP says:

    ඕක මහ ලොකු දෙයක් නොවේ, සියල්ල දත් මහාචාර්‍ය ලප කුමාර මහතාගෙන් විමසුවොත් කලයුතු පිළියම ඉතාමත් නිවැරදිව කියාවි, නමුත් ප්‍රශ්ණය නම් ඔහුගේ විශේෂඥ බව තියෙන්නේ ගිනි නිවන්න නොව ගිනි තැබීමටයි.

    • වයි දිස් කොලවෙරි says:

      එසේ ගිනිගන්නා විට, ගිනි නිවීමේ මාර්ගය ලෙස ඔහු සමාජවාදය දේශනා කරනවා.

      මොහුගේ ගිනි තියලා, වතුර විකුණන බිස්නස් එක මිනිස්සු අවබෝධ කරගෙන ඉන්නේ.

  4. ඉන්දික says:

    මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දීය නිලධාරීන් සමග ගනුදෙනු කිරීමේ දී ප්‍රවේශම් වන්න. ඔවුන් අතර කොවිඩ් ආසාදිතයින් සිටිය හැක.

  5. Dot says:

    The burning vessel has been tugged into the deep sea I thought the fire was out and all is calm ..but now ??.. No living creatures like whales over there or other the marine life .Humans activity leads to making choices and we pit ourselves on top of the ladder .that is life .. ..yet we watch the life in the deep sea on television .