පිරවුම්හලක හිමිකරු හා සේවකයින් පාරිභෝගිකයෙකුට අමානුෂිකව පහර දී බිම දිගේ ඇදගෙන යයි… හමුදාව නිහඩයි…

May 23, 2022 at 10:09 am | lanka C news
පිරවුම්හලක හිමිකරු හා සේවකයින් පාරිභෝගිකයෙකුට අමානුෂිකව පහර දී බිම දිගේ ඇදගෙන යයි… හමුදාව නිහඩයි…

නාවලපිටිය නගරයේ පිහිටි පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක අයිතිකරු , අයිතිකරුගේ පුත්‍රයා සහා එහි සේවකයින් එක්ව (22) දින රාත්‍රියේ පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිමට පැමිණ සිටි ත්‍රිරෝද රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහර දි තුවාල සිදු කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

තුවාලකරු තම ත්‍රිරෝද රථයට පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිම සදහා දිගු වේලාවක් පොලිමේ රැදි සිටියදි ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුගේ මිත්‍රයෙකු පොලිමෙන් පිටත පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිමට පැමිණි අවස්තාවේ ඒ පිලිබදව ත්‍රිරෝද රථ රියදුරා අයිතිකරුගෙන් සිදු වන අසාධාරණය පිලිබදව කරුණු විමසිමේදි ඇති වු උණුසුම් තත්ත්වයත් සමග මෙම පහර දිම සිදු වි ඇත.

පහර දිමෙන් තුවාල ලබා බිම වැටි සිටි ත්‍රිරෝද රථ රියදුරාව ඉන්ධන පිරවුම්හල් සේවකයින් විසින් බිම දිගේ ඇදගෙන ගොස් ඒ ආසන්නයේ පිහිටි නාවලපිටිය දුම්රිය ස්ථානයට දමා තිබියදි ඒ අසල පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිම සදහා පොලිම් රැදි සිටි පිරිසක් විසින් 1990 හදිසි ගිලන් රථ සේවය ගෙන්වා තුවාලකරුව නාවලපිටිය දිස්ත්‍රික් මහා රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරුව මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුද ත්‍රිරෝද රථයේ රියදුරා තමන්ට පහර දුන් බව පවසමින් නාවලපිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත.

මෙම පහරදිම සිදු වන අවස්තාවේ එ අසල රාජකාරියේ නියැලි සිටි යුධ හමුදා භට පිරිස් නිහඩ පිලිවෙතක් අනුගමනය කල බව ඉන්ධන ලබා ගැනිමට පොලිම් වල රැදි සිටි පාරිභෝගිකයන් චෝදනා කර සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

89,355 views

20 Comments to “පිරවුම්හලක හිමිකරු හා සේවකයින් පාරිභෝගිකයෙකුට අමානුෂිකව පහර දී බිම දිගේ ඇදගෙන යයි… හමුදාව නිහඩයි…”

  1. nimal says:

    INDHANA POLIMEE HITI ANIK AYA PONNAYODA , ASADHARANAYATA VIRUDDAWA KATHA KARADDITH PAHARA DEDDITH NIHATAWA SITIYE AY. NIYAMA KONDAK THEYEN EWUN HITIYANAM ADA INDAN PIRAWUM HALAKUTH NA.

  2. පුරවැසියා says:

    පෝලිමේ හිටපු අනිත් උන් මොකද කරේ???

  3. Simiyon says:

    එතකොට වටේ බලාගෙන ඉඳල තියෙන්නෙ ෆොන්ස් ලාද??

    • SL #gOhOMEgOTA says:

      වටේ බලාගෙන හිටපු උන් හොඳයි. උන් හින්ද ලොකු විනාශයක් නැවතුන. හැබැයි ගහනවා බලාගෙන හිටපු ආමි එකේ උන් පොන්නයෝ

      • SL says:

        වටේ බලාගෙන හිටපු උන් හොඳයි. උන් හින්ද ලොකු විනාශයක් නැවතුන. හැබැයි ගහනවා බලාගෙන හිටපු ආමි එකේ උන් පොන්නයෝ

        දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක වයිර වැපිරීම ,ගහගනිමට උනන්දු කිරීම සිය දිවි නසාගන්නවා වගේ වැඩ. ඉස්සර සොමාලියවද දිහා බලාගෙන අනේ අපොයි කියපු අපි දැන් එක එකා මරාගන්නවා.

        මේකට තනිකර වගකියන්න ඕනේ ගෝටා ප්‍රමුක රට කරප්වපු උන්. මහින්ද, බැසිල් , නාමල් ,චමල් කියන අපතයින්

      • Sandy says:

        ඉතින් බන් ඕකට මැදිහත් වෙලා හමුදාව අතින් මුකුත් උනා නම්….. ඉට පස්සෙ ඌ ඒකට උසාවි යන්න ඔනෙ, රස්සාව අනතුරේ, හමුදා නීතියට අනුව පනිශ්මන්ට්…
        දැක්කනෙ රඹුක්කන මහා ව්‍යසනයක් වලක්වන්න ගිය පොලිස් නිලධාරියාට වුනු දේ…….
        ඉතින් උන් අහක බලන එක අහන්න දෙයක් ද.
        යකෝ රටක නීතියක් පවත්වාගන්න නම් පාලනයක් තියෙන්න ඕනෙ..පාලනය කරන උන්ට ඒක පාලනය කරන්න නිදහසක් තියෙන්න ඕනෙ…
        නඩු දාන හැත්තත් අහන උනුත් ඒව දැන ගන්න ඕනෙ..නැත්නම් ඉතින් තියෙන්නෙ තොපි මරාගනියවු කියල අහක බලාගෙන ඉන්න එක

    • Dp says:

      වටේ හිටිය උන් සිද්ධිය බලං ඉඳලා ඔක්කොම ඉවර වුනාම 1990 call කරලා.. කොච්චර සේවයක්ද බලං හිටිය උන් කරලා තියෙන්නේ

  4. Simiyon says:

    එතකොට වටේ බලාගෙන ඉඳල තියෙන්නෙ ෆොන්ස් ලාද ????

  5. Imbecile says:

    wahallanwa ganan ganne nae. Un Rajawaru

  6. Sandun Dhammika says:

    යුද අපරාද වෙලා ත්යනවානම් එකට International investigation එකක් ඕනේ.
    ඔව් !
    අපි යුද අපරාද කරුවන් ආරක්ෂා කරන උසස් ශ්‍රී ලාංකීය ජාතිය නෙමයි.
    අපේ හමුදාවේ එකෙක් හරි අපරද කරලා තියනවනම් නීතිය ඉදිරයට ගෙන්න ඕනේ.

  7. ගල් ආරි says:

    ඒකට තමයි බොල ගිණි පෙට්ටි තියෙන්නෙ….ඌට තැරි ගැහිලා යන්න තියපියව් ගිණි…කාලකන්නි හැත්ත

    • Sandy says:

      මේ ඉන්නේ කාලකන්නි ජෙප්පෙක්…මෙන්න මුගේ IP Address හොයාගෙන ඇරෙස්ට් කරපල්ලා..
      මේ ඉන්නේ JVP ගිනි තියන හමුදාවෙ සක්කිලියෙක්

  8. MAHASONA says:

    එතකොට වටේ බලාගෙන ඉඳල තියෙන්නෙ ෆොන්ස් ලාද ?????

  9. බයිසන් says:

    පෙට්‍රල් ෂෙඩ් එකේ අයිතිකාරයා ගහල තියෙන්නෙ ත්‍රීවීල් කාරයෙකුට නිසා ඕකෙ රිටර්න් එක අති භයානක වෙන්න පුළුවන්.

  10. angora says:

    Why are people fighting amongst themselves and specially on social media without holding accountable the people who are actually responsible for the country situation???
    Criminal charges (and curses ) apply to Cabral, PB Jayasundera and the Rajapaksa’s clan including gota and their administration for the down fall of a country of 22million people leaving them in an extremely bad state.
    Also Don’t think only these current politicians can run the country and that they have to be there …

Main News