ඉන්ධන පිරවුම්හල් 90%ක් වසා දමයි…

July 2, 2022 at 11:20 am | lanka C news
ඉන්ධන පිරවුම්හල් 90%ක් වසා දමයි…

අද වන විට ඉන්ධන නොමැතිව මෙරට ඉන්ධන පිරවුම්හල් 90% පමණ අක්‍රීය වී ඇතැයි සමස්ත ලංකා ඉන්ධන පිරවුම් හල් හිමියන්ගේ සංගමය කියා සිටී.

ඉන්ධන පිරවුම්හල් විසින් ඇනවුම් කරන ඉන්ධන ඇණවුම් ද නිසි පරිදි නොලැබෙන බව එහි සභාපති ඩබ්ලිවු. එස්. ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

මේ අතර ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ප්‍රවාහනය කිරීමට ඇණවුම් අසූවක් පමණ ලබා දී ඇති බවයි.

ඉන්දීය තෙල් සමාගමේ පිරවුම්හල් 150-200ත් අතර සංඛ්‍යාවට ඉන්ධන ප්‍රවාහනයට අවස්ථාව ලබා දී ඇති බව ද එහි ලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කළේය.

19,960 views

2 Comments to “ඉන්ධන පිරවුම්හල් 90%ක් වසා දමයි…”

  1. SL says:

    ආණ්ඩුවේ ,රජයේ තීරණ ගන්න උන් ඔක්කොම තීරණ ගන්නේ ආතමාර්තකාමි ඒවා. නැතිනම් ඉන්දියාවෙන් ලැබුණු තෙල් ටික මෙහෙම කාල බීල විනාශ කරලා දාන්නේ නැහැ.
    දැන් තෙල් නැහැ. ඔය ඉන්නේ කට්ටිය ගෙවල් වලට වෙලා, නැතිනම් හුජ්ජ කරන්න යන්නත් තෙල්

    ආණ්ඩුවට කත් අදින, බල පුළුවන් කාර පන්තියට තවම හොරාට තෙල් ලැබුනත් සාධාරණ මිනිස්සුන්ට තෙල් ගන්න ක්‍රමයක් නැහැ.

    කූපන් ක්‍රමයක් දාල මේ වැඩේ පරිපාලනය කරා නම් අදටත් රට දුවනවා.

  2. Mr.Ten Percent says:

    No problem, still the country has 10%.

Main News