ඉන්ධන පිරවුම්හලේ පෙට්ට‍්‍රල් වලට භූමිතෙල් මුසුවීම ගැන ජනාධිපතිට ලියයි…

November 24, 2017 at 2:09 am | lanka C news
ඉන්ධන පිරවුම්හලේ පෙට්ට‍්‍රල් වලට භූමිතෙල් මුසුවීම ගැන ජනාධිපතිට ලියයි…

මාතලේ – නාඋල සමූපකාර ඉන්දන පිරවුම්හලේ පෙට්ට‍්‍රල් වලට භූමිතෙල් මිශ‍්‍රවිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලීමක් කරයි.

2017-11-22 නාඋල ඉන්දන පිරවුම්හලේ පෙට්ට‍්‍රල් වලට භුමිතෙල් මිශ‍්‍රකර අලවි කිරීමි සිදුවන බවට මාධ්‍ය මගින් ප‍්‍රචාරයවිය.

මේ සම්බන්ධයෙන් මාතලේ දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත‍්‍රික් සංවිධායක සුසිල් පේ‍්‍රමරත්න මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

මාධ්‍ය මගින් පලවු වාර්තාවන්ට අනුව ඉන්දන පිරවුම්හලේ කළමණාකරු මාධ්‍යයට ස`දහන් කර ඇත්තේ තෙල් සංස්ථාව මගින් ලැබුන් තෙල් තොගවග තත්ත්වය මෙය බවය.

මැතිවරණයක් ආසන්නයේ පවතින අවස්ථාවක මෙවන් ප‍්‍රකාශ හරහා රජයේ කොටස් කරුවන් මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපහසුතාවට පත්වන බවත් මෙම ඉන්දන පිරවුම්හලේ පවතින ඉන්දන පිළිබ`ද කඩිනම් පරික්ෂණයක් සිදුකර ජනතාවට සැබෑ තත්ත්වය දැනගැනීම ස`දහා අදාල අංශ දැනුවත් කරන ලෙසත් සුසිල් පේ‍්‍රමරත්න මහතා ජනාධිපති වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

මෙම මාධ්‍ය නිවේදනයේ පිටපත් වැවිලි කර්මාන්ත නියොජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා වෙතට ද යොමුකර තිබේ.

– ඉන්දික අරුණ කුමාර

87 views

One Comment to “ඉන්ධන පිරවුම්හලේ පෙට්ට‍්‍රල් වලට භූමිතෙල් මුසුවීම ගැන ජනාධිපතිට ලියයි…”

  1. Rasika says:

    SPC eke godak shedwala oka saamanya deyak. Hodha thenuth thiyenawa. Wattala thiyena okkoma shedwala (Navi shed eke hera) Diesel/Patrol walaata buumithel kalawamkaranawa.

Main News