ඉන්ධන පිරවුම්හල උණුසුම් තත්ත්වයක්… යුධ හමුදාව සහ පොලිසිය කැදවයි…

June 24, 2022 at 8:02 am | lanka C news
ඉන්ධන පිරවුම්හල උණුසුම් තත්ත්වයක්… යුධ හමුදාව සහ පොලිසිය කැදවයි…

හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක (23) දින පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිමට පැමිණි දෙපාර්ශවයක් අතර ඇති වු දැඩි උණුසුම් තත්ත්වයක් පාලනය කිරිමට එම ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂාවට සිටි යුධ හමුදා නිලධාරින්ට සහ පොලිස් නිලධාරින්ට දැඩි පරිශ්‍රමයක් දැරිමට සිදු විය.

හැටන් නගරයේ ධාවනය කරවන ත්‍රිරෝද රථ රියදුරන් සහ හැටන් නගරයට පිටතින් ඉන්ධන ලබාගැනිමට පැමිණි පිරිසක් අතර මෙම උණුසුම් තත්ත්වය ඇති විය.

කොටගල , ආගරපතන , තලවකැලේ යන ප්‍රදේශවල සිට විශාල පිරිසක් පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිමට හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට පැමිණ පොලිම් වල රැදි නොසිට ඉන්ධන ලබා ගැනිමට උත්සහ කරන බවත්,හැටන් නගරයේ කිසිදු වාහනයකට කොටගල , තලවකැලේ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනිමට එම පිරිස ඉඩ ලබා නොදිම හේතුකොට ගෙන මෙම උණුසුම් තත්ත්වය ඇති විය.

පසුව ආරක්ෂක අංශ නිලධාරින් උණුසුම් තත්ත්වය පාලනය කර ඉන්ධන ලබා ගැනිමට පොලිමෙන් පිටත සිටි පිරිස පොලිම් වල යවනු ලැබුහ.

හැටන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට (23) දින පෙට්‍රල් ඉන්ධන ලිටර් 6600 ලැබි තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

42,602 views

2 Comments to “ඉන්ධන පිරවුම්හල උණුසුම් තත්ත්වයක්… යුධ හමුදාව සහ පොලිසිය කැදවයි…”

  1. Thilini says:

    හිටපු නගරාධිපති දොඩම්පේ ගමගේ මලයාගේ collinwood හෝටලේ පිටිපස්සේ එහාපැත්තෙ ෂෙඩ් එකෙන් බාපු පෙට්‍රල් ඕන තරම්

  2. ලංසියා says:

    කොච්චර කල් හමුදාවයි පොලිසයි පිටිපස්සේ හැංගිලා ඉන්නද උඹලා…. ඔය තුවක්කු උඹලගේ පැත්තට හැරෙන දවස වැඩි ඇතක නෑ…. ඒ සුන්දර දවස එනකම් අපි බලාගෙන ඉන්නවා

Main News