ඉන්ධන පෝලිමේ කපාකොටාගනී.. හතර දෙනෙක් රෝහලේ…

June 22, 2022 at 4:40 pm | lanka C news
ඉන්ධන පෝලිමේ කපාකොටාගනී.. හතර දෙනෙක් රෝහලේ…

ඉන්ධන පෝලිමක ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිව් දෙනෙකු බරපතල කැපුම් තුවාල සහිතව කල්පිටිය හා පුත්තලම රෝහල්වලට ඇතුළත් කර තිබේ.

කල්පිටිය පොලීසිය සඳහන් කරන්නේ කල්පිටිය ඒත්තල ඉන්ධන පිරවුම් හලේ මෙම ගැටුම සිදුව ඇති බවයි.

හිසේ බරපතළ තුවාල සහිත තුවාල කරුවන් දෙදෙනකු පුත්තලම රෝහලට යවා ඇති අතර අනිත් දෙදෙනා කල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිදුවීම සම්බන්ධයෙන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

25,448 views

Leave a Comment