ඉන්ධන පෝලිමේ තරුණයෙකුට පහර දී මරා දමයි…. ජාවාරම් රූගත කලාටලු…
June 25, 2022 at 10:00 am | lanka C news
යාපනයේ උඩුවිල් ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයන් විසින් සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනකුගෙන් එක් අයෙකු යාපනය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මෙම ඉන්ධන පිරවුම්හලේ විශාල පිරිසක් පෝලිමේ සිටියදී ඉන්ධන පිරවුම්හලේ සේවකයන් විසින් අක්රමිකතාවක් යටතේ ඉන්ධන ලබාදුන් අවස්ථාවක් ජංගම දුරකතනයකින් වීඩියෝ කිරීම ගැන උරණ වූ සේවකයෝ එම තරුණයන් දෙදෙනාට පහර දී තිබුණි.
පහරකෑමට ලක් වූ තරුණයන් දෙදෙනා රෝහල් ගත කිරීමෙන් පසුව යාපනයේ උඩුවිල්, චේපමලෙයි කෝවිලඩි ප්රදේශයේ පදිංචි සෙල්වරතිනම් ප්රසාන් (23) නමැති තරුණයා මියගොස් තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් යාපනය පොලිසිය විසින් අදාළ ඉන්ධන පිරවුම්හලේ සේවකයන් තුන් දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්රශ්න කරගෙන යයි.
දිනසේන රතුගමගේ
ජෙප්පන්ගේ අර-ගලේට ජය වේවා!
කුරුණැගල පන්නල. පිරවුම්හල් තුනක්තියනව. ඒතුනේම පාලනය අතට අරගෙන ඉන්නෙ. මාඔය විනාස කරන හොර පස්ජාවාරම්කාරයෙක්. ගන්ඡ ඡාවාරම්කාර තොග එලවලු ව්යාපාරිකයෙක්ගෙ මැරවරයො.පන්නල පොලිසියේ ස්තානාධිපති උන්ගෙ සාක්කුවෙ. අනේ රටටගියකලක්
උතුරේ OK වුනාට දකුණෙ මෙහෙම කලා නං ශෙඩ් එක ගිණිබත් මේ වෙද්දි
කොච්චර ප්රචණ්ඩ කාලයක් අත්වින්දත් උතුරෙ අයට දකුණෙ අයගෙන් ඉගෙන ගන්න දේවල් තවත් තියෙනව
මිනිස්සු නිකං නෙවෙයි කලබල කරන්නෙ ගොඩක් ෂෙඩ්වල මේක තමයි තත්වය හන්දිවල ඉන්න මැරයන්ට ඔන විිදියට වැඩේ යන්නෙ
කැන්ලට පුල්ටැක් සල්ලිවලට අහිංසක මිනිසුන් දවස් ගනන් පෝලිමේ ඉදල තෙල් නැතිව හැරිල යනව.
ගිය 23 වෙනද නාවින්නට කිට්ටුව තියන විජේරාම හන්දිය ioc ෂෙඩ් එකේ තත්වයත් මම හිටපු නිසා දැක්ක. කෑන්වලට, පුල්ටෑන්ක්, සල්ලිවලට සෙට් එකට කැමති අයට මිනිස්සු ඇහුවම කුනුහරැප. පොලිසිය හමුදාව එවට යටවෙලා එතන හමුදාව අය ගහක් යටට වෙලා බලාගෙන ඉන්නව මිනිස්සු අසාදාරනය කැගහල කිව්ව ඒ අය කිව්වෙ අපි ඉන්නෙ ෂෙඩ් එකේ ආරක්ෂා වට විතරයි කියල. ඒයාලට කරන්න දෙයක් නැතිලු
පෝලිංවල දවස් ගණන් ඉන්න අසරණ අහිංසක සද්ගුණවත් උදවිය පෝලිංවල ඉන්න ගමන්ම තෙල් අදිනවා අපි ඕන තරම් දකිනවා. ඒත් වීඩියෝ කරන්න බෑ ගුටිකාල මැරුන් කන්න වෙන හින්දා. කට්ටියක් මේක දැන් ජාවාරමක් කරගෙන.
කුරුණැගල පන්නල. පිරවුම්හල් තුනක්තියනව. ඒතුනේම පාලනය අතට අරගෙන ඉන්නෙ. මාඔය විනාස කරන හොර පස්ජාවාරම්කාරයෙක්. ගන්ඡ ඡාවාරම්කාර තොග එලවලු ව්යාපාරිකයෙක්ගෙ මැරවරයො.පන්නල පොලිසියේ ස්තානාධිපති උන්ගෙ සාක්කුවෙ අනේ රටටගියකලක්
පෝලිමේ හිටපු අනිත් එවුන් පොන්නයොද? පෙට්රල් බල්ලට ගිය දෙන් කියලා එකතු වෙලා ගහන්න එපැයි ඔය හොර යක්කුන්ට.
ජෙප්පෝ අරගල කරලා මුන් ට තමා බලය අරගෙන දුන්නේ