ඉන්ධන පෝලිමේ බස් රියදුරෙකුට හමුදා නිලධාරියෙකු වටකොට පහර දේ.. රියදුරු රෝහලේ…

July 5, 2022 at 10:40 am | lanka C news
ඉන්ධන පෝලිමේ බස් රියදුරෙකුට හමුදා නිලධාරියෙකු වටකොට පහර දේ.. රියදුරු රෝහලේ…

ඉන්ධන පෝලිමේ සිටි පෞද්ගලික බස් රථ රියදුරෙකුට නාවික හමුදා නිලධාරියෙකු පහරදීම නිසා තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

ගාල්ල පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරන්නේ ගාල්ල දෙවට ඉන්නධ පිරවුම් හලේ ඉන්ධන පෝලිමේ සිටියදී මෙම පහරදීම සිදුව ඇතැයි බස් රථ රියදුරෙකු පැමිළිලි කර ඇති බවයි.

තමන් බස් රථයට ඩීසල් ලබා ගැනීම සඳහා පෝලිමේ සිටියදී ඉන්නධ පිරවුම් හලේ සිටි නාවික හමුදා නිළධාරියෙකු පැමිණ ඉන්ධන නොදෙන බවත් ටෝකන් වලට පමණක් ලබාදෙන බවත් පැවසූ බවත් පවසන ලද බව පැමිණිලිකරු පවසයි.

නමුත් බස් රථය සදහා ඉන්ධන ලබා ගැනීමට තමන් පෝලිමේ සිටි බව පැවසූ අවස්ථාවේ එම නිලධාරියා බස් රථයේ දොර ඇර වැරෙන් පහර දුන් බවත් තවත් නිලධාරීන් පිරිසක් ගිනි අවි එල්ල කරගෙන පැමිණි බවත් ඔහු සඳහන් කර තිබේ.

එහිදී ඇතිවූ වේදනාව හා බිය නිසා තමන් බස්රථයය රැුගෙන එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවද පැමිණිල්ලේ දැක්වේ.

63,334 views

30 Comments to “ඉන්ධන පෝලිමේ බස් රියදුරෙකුට හමුදා නිලධාරියෙකු වටකොට පහර දේ.. රියදුරු රෝහලේ…”

  1. lahiru says:

    බස් කාරයන්ව නම් හමන්නන්න ඕනෙ. පර හැත්ත

  2. David Milli-banda says:

    Embilipitiya “ඉන්ධන පෝලිමේ citi pudgalayeku හමුදා නිලධාරියෙකුට pihiyen annama (stabbed), then why no noise…………..
    These people be they බස් කාරයන් or anyone must coporate. There can not be thugs or thuggery.
    people need to be patient.

  3. sunimal says:

    මින් ඉදිරියට හමුදාවේ කිසිම කෙනෙක් නායකයෙක් නොකළ යුතුය.

  4. Saman says:

    මු බබා මුකුත්ම මුගේ පැත්තෙන් වරදක් වෙලා නැ. ෂුවර් එකටම බස් එක ශෙඩ් එක හරස්කරලා නවත්තලා නස්පුක් පාට් එකක් දාන්න ඇති. මොකද දැන් ඔක්කොම පාරේ චණ්ඩිනේ ඉන්නේ.

    හොද වැඩේ බොරු චණ්ඩින්ට. ඔක්කොම තෙල් පෝලිම්වල බොරුවට කෑගහන සෙට්වල පලවෙනි දෙතුන් දෙනාට මේ වගේ සලකුවානම් මිනිස්සුන්ට කරදරයක් නැතුව තෙල් ආපු වෙලාවට ඉක්මණින් තෙල් ටික ගහ ගත්තැහැකි රණ්ඩු නොකර

Main News