‘ඉන්ධන ප‍්‍රමිතියෙන් තොරයි.. දහනය ඉහලයි…’ පැමිණිලි කරයි..

November 27, 2021 at 12:02 am | lanka C news
‘ඉන්ධන ප‍්‍රමිතියෙන් තොරයි.. දහනය ඉහලයි…’ පැමිණිලි කරයි..

මෙරට අලෙවි කරමින් තිබෙන ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර බව පවසමින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති වරයා වන ගැමුණු විජේරත්න මහතා විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

ඉන්ධන වල ප්‍රමිතිය පිළිබඳව බස් රථ හිමියන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවද පවසන ඔහු ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර සැබෑ තත්ත්වය රටට හෙළි කරන ලෙස ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

බස් රථ වලට යොදන ඔටෝ ඩීසල් දහනය ඉහල ගොස් ඇති බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයිද ඔහු කියා සිටී.

එමෙන්ම මෝටර් රථවලට යොදන පෙට්රල් පවා දහනය වීමේ සම්භාවිතාව ඉහළ බව ද ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

35,710 views

11 Comments to “‘ඉන්ධන ප‍්‍රමිතියෙන් තොරයි.. දහනය ඉහලයි…’ පැමිණිලි කරයි..”

  1. බන්ඩා says:

    පැමිනිලි කිරීම විකල්ප ප්‍රතිපත්තියක් දෙන්න බැරි විපක්ෂයේ රට දිනවන කලාව වෙලා.

    • කැපුවත් පොහොට්ටුවට says:

      මොන පැමිණිලි දැම්මත් පොහොට්ටුව බබලනවා.

  2. බන්ඩා says:

    බස් ගැමුනු භූමි තෙල් කලවම් කර බස් දුටනවා.

    • ranga says:

      එතකොට බස්ගැමුණු පෙට්‍රල් ගහන්නෙ උගෙ පුකටද දන්නෑ. අනේ ගොන් වහන්ස.

      • Damian says:

        පෙට්‍රල් ගහල දුවන බස් හිමි Ranga ගෙ ප්‍රකාශයක්.

  3. Ganga says:

    UNP පාක්ෂිකයිනි , අපි ඔබට දෝෂාරෝපණය කරමින් ඔබේ අදහස් පිළිකුලෙන් යුතුව හෙළාදකිමින් , අපේ ජනාදිපති තුමා ගැන විශ්වාශය තබමින් ජන්දය දුන්නා , දැන් අපිට ඔබේ ආණ්ඩුව දීපු දෙයක්වත් නැහැ , මොනවා වුනත් ඔබේ රජය කලේ ගැස් , තෙල් මිල , බඩු මිල අඩුයි , අපිට වෙච්චි දෙයක් , කාලකන්නි අපිට සමාවෙන්න

    • Damian says:

      UNP ගොං Ganga ඕව හොඳයි මොන්ටිසෝරි බබාලා අන්දන්න.

  4. ගරසරප says:

    දැන් බස් වලට ගහන්නෙ බූමිතෙල්. බූමිතෙල් හිගයත් එක්ක ගැමුණු දැන් ඩීසල් ගැන කතාව.

  5. Ganga says:

    ජනාදිපතිතුමාට රට බාර දෙනවිට තිබුණු තත්වයයි දැන් එතුමාගේ දෙවසරක පාලනයයි සසදනකොට රට එතුමාගේ කාලයේදී නන්නත්තාර වෙලා වගේ දැනෙනවා , සියලුම අංශ වල වැඩකටයුතු අවුල් වෙලා , අපි එතුමාට ජන්දය දුන්නේ සිංහයෙක් වගේ රට මෙහෙයවයි කියලා , අනේ

  6. Sahan says:

    ඔව් ඇත්තටම මටත් ඒ දේ හිතුන. මොකද වෙනද 450Km දුවන එක දැන් 300km වගේ දුවන්නෙ

  7. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

Main News