ඉන්ධන ප‍්‍රවෙශම් කරන්න.. ඖෂධ-එන්නත්වලට ඩොලර් දෙන්න වෙනවා..- බලශක්ති ඇමති රටටම දැනුම් දෙයි..

August 17, 2021 at 10:22 pm | lanka C news
ඉන්ධන ප‍්‍රවෙශම් කරන්න.. ඖෂධ-එන්නත්වලට ඩොලර් දෙන්න වෙනවා..- බලශක්ති ඇමති රටටම දැනුම් දෙයි..

විදේශ විනිමය ඉතිර කර ගැනීම සඳහා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි බලශක්ති අමාත්‍ය ගමන් උදය ගම්මන්පිල මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ඖෂධ සහ ප්‍රතිශක්තිකරන එන්නත් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය ඉතිරි කර ගත යුතුව ඇති බවයි.

මෙම වසරේ මුල් මාස හය තුල සිදු කල ආනයනය වලින් 18%ක් ඉන්ධන සඳහා වැය කර ඇති බවත් අවසාන මාස 06 තුල එය 25%ක් වීමටත් ඉඩ ඇති බවත් ඔහු කියා සිටියි.

මේ බව සඳහන් කරමින් ඒ මහතා තම ට්විටර් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

88,982 views

34 Comments to “ඉන්ධන ප‍්‍රවෙශම් කරන්න.. ඖෂධ-එන්නත්වලට ඩොලර් දෙන්න වෙනවා..- බලශක්ති ඇමති රටටම දැනුම් දෙයි..”

  1. ටයිටස් says:

    නවසීලන්තය වගේ රට වහන්න කතා කරන උන් ඒ රටවල බලශක්ති සුරක්ෂිත කරණ ආකාරයත් කතා කරපල්ලා. ඉන්ධන ඉතිරි කරන්න කිව්වම අපි පෙට්‍රල් බොන් නෑ කියලා ගොං කතා නොකියා. අන්තර් ජාලයේ පොඩ්ඩක් බැලුවනම් තමන්ගේ මෝටර් රථයේ ඉන්ධන නාස්තිවෙන ආකාර හා ඒවාට විසදුම් ඕනෑතරම් තියෙනවා.

  2. පසන් says:

    ඇත්ත කතාවක් තිත්ත උනත්

  3. පාවඩදෙණිය දොස්තර says:

    මගේ ආදර බයි ෆෙන්ඩ්ස් ඔයාලගෙ මන්ත්‍රීතුමා පෙට්‍රල් බොන සුඛෝපභෝගී වාහනේක ඉගිලෙන හැටි බලමින් ගෙදරදිම පෙට්‍රල් ඩීසල් ටිකක් හදා ගන්න බලන්න.

  4. K says:

    Hodata thibuna ratak api watichcha thanak

  5. janatha says:

    එක ඇමතියට වාහන 40ක් දීලා පෝලිමේ යන උන් අපිට කියනවා “ඉන්ධන ප‍්‍රවෙශම් කරන්න”

  6. Open mind says:

    හදිසි අතමාරුවක් ගන්න බ්‍රයන් ෂෙඩික් වත් ලඟ හිටියා නම්. අපරාදේ එයත් තරහ වෙලා.