ඉන්ධන ප‍්‍රශ්ණයට පාසැල් දරුවෙකුගෙන් විසදුමක්.. හිරු එලියෙන් දුවන වාහනයක් හදා පෙන්වයි..

August 29, 2021 at 10:40 am | lanka C news
ඉන්ධන ප‍්‍රශ්ණයට පාසැල් දරුවෙකුගෙන් විසදුමක්.. හිරු එලියෙන් දුවන වාහනයක් හදා පෙන්වයි..

කිලිනොච්චිය මධ්‍යම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් ඉන්ධන නොමැතිව සූර්ය කෝෂ පැනල මගින් ධාවනය කල හැකි ත්‍රී රෝද රථයක් නිර්මානය කොට ඇත.

මධ්‍යම මහා විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන සුන්දරලිංගම් ප්‍රණවන් සිසුවා විසින් නිර්මාණය කොට ඇති මෙම ත්‍රී රෝද රථය මේ වන විට සාර්ථකව ධාවනය කිරීමට හැකියාව ලැබී ඇතැයි සිසුවා පවසයි.

පැයට කිලෝමීටර් 50 ක උපරිම වේගයකින් ධාවනය කල හැකි මෙම සූර්ය කෝෂ පැනල් භාවිත ත්‍රී රෝද රථය නිර්මාණය කිරීමට මාස 06 ක පමණ කාලයක් ගත වූ බවට සුන්දරලිංගම් සිසුවා පවසා සිටියේය. ඒ පිළිබඳව අදහස් දක්වමින් සිසුවා පවසා සිටියේ,

‘‘ කොරෝණා වෛරසය නිසා අපට පාසල් යන්න විදහක් නැහැ අන්තර්ජාලය ඔස්සේ ඉගෙනගත්තත් දවසේ වැඩි හරියක් නිවසට වී සීටීම කම්මැලි වුනා කොරෝණා අවධානම නිසා මිතුරන් සමග සෙල්ලම් කරන්නත් විදිහක් නැහැ. ඒ නිසා මම මගේ සීයත් සමග දවසේ වැඩි කාලයක් ගත කලා එයා හොඳ කාර්මිකයෙක් මේ නිසා මම සීයට මේ සූර්ය පැනල් යොදා සාදන ත්‍රී රෝද රථ නිර්මාණය කිව්වාහම මට සහය දුන්නා.

ඉතින් මම සීයාගේත් උදව් ඇතිව පසුගිය මාස 06 ක කාලය පුරා මේ සූර්ය කොෂ පැනල් භාවිතයෙන් ධාවනය වන ත්‍රී රෝද රථය හැදුවා මට ගොඩක් සතුටුයි මගේ නිර්මානය සාර්ථක වීම ගැන. රටේ ඉන්ධන ගැටලුවටත් මේක හොඳ විසඳුමක් වෙයි. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

55,883 views

30 Comments to “ඉන්ධන ප‍්‍රශ්ණයට පාසැල් දරුවෙකුගෙන් විසදුමක්.. හිරු එලියෙන් දුවන වාහනයක් හදා පෙන්වයි..”

  1. Sagarika Alvis says:

    Ddaksha daruwek.

    • cobra says:

      මෙවැනි බොරු දේවල් ප්‍රචාරය කිරීම රටට කරන නිගාවක් ..ත්‍රිවිලයකටSolarpanels සවිකිරීම හිරු එලියෙන් දුවන වාහනයක් සෑදීමක් වන්නේ කෙසේද ?මේ රටේ සිටින්නේ මීහරක් නොවේ

  2. Saleem says:

    හරි දැං ඉන්ධන අර්බුදය හමාරයි. බම්බුව. මේ වගේ සූරංගනා පුවත් දාන එවුංව උල තියන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා

    • New Allah says:

      Mage Divas walin penawa, Saleema kuhakayek saha buuruwek kiyala. Muu hitiyanam Thomas Alva Edison ge appachchi wela, apita adath light nehe.

  3. Rani says:

    ANNDAAGENA BALAPALLA SRI LANKA KODIYA DAAGENA INNA LASSANA !!

  4. සම්පත් says:

    වැදගත්ම දේ මේ නිෂ්පාදනයවත්, ඒතන පවතින තාක්ෂණයේ සංකිර්ණභාවයවත්, ඒක සාමාන්‍යය මිනිස්සුන්ට ප්‍රයෝජනයවත් වෙන විදියවත් නෙවෙයි, මේ ළමයාගේ තියෙන උනන්දුව, අධිෂ්ඨානය, කැපවීම සහා, තමන්ට තියෙන දැනුමෙන් කොහොමරි නිෂ්පාදනය අවසාන කිරිමයි. මේ පළමු ගුණාංග ටිකත් එක්ක විනයක් තියෙනවා නම් ඕනම කෙනෙක්ට වගේ තමන්ගේ කේෂ්ත්‍රයෙන් සාර්ථක වෙන්න පුලුවන්. උනන්දුව කියන්නේ යම් කිසි දෙයක් කරන්න තමන්ගේ තියෙන ආශාවයි, අධිෂ්ඨානය කියන්නේ කොච්චර බාදක ආවත් වැඩක් දිගටම කිරිමේ හැකියාවයි, කැපවීම වීම කියන්නේ යම් අරමුණක තමන්ගේ කාලය, ශ්‍රමය වැයකිරිමයි. මේ ටිකත් එක්ක විනය හදාගත්තම කරන්න බැරි දෙයක් නෑ. මේ වගේ ළමයින්ට හරිනම් උසස් අධ්‍යාපනය හදාරන්න ශිෂ්‍යත්වයක් දෙන්න ඕනේ, ඊට පස්සේ උපාධිය ඉවර කරාට පස්සේ රට යවලා උගන් වලා මේහේ තියෙන වාහන හදන තැනක ජොබ් එකක් දෙන්න ඕනේ. රටවල් දියුණූ කරන්න පුලුවන් එහෙමයි.

  5. Monarch says:

    හොද අදහස. මේක තව දිවුණු කරන්න පුළුවන්. උදව් කරන්න වෙනවා.
    මේකන් වාහනේ Range එක වැඩිවෙනවා.

    මටත් ඔහොම අදහසක් තිබුන. ඒ වගේ වාහන හදල තියෙනවා උදාහරණ Lightyear One සහ Sono Motors Sion.

    සුභපැතුම්..

Main News