ඉන්ධන ප‍්‍රශ්ණයට පාසැල් දරුවෙකුගෙන් විසදුමක්.. හිරු එලියෙන් දුවන වාහනයක් හදා පෙන්වයි..

August 29, 2021 at 10:40 am | lanka C news
ඉන්ධන ප‍්‍රශ්ණයට පාසැල් දරුවෙකුගෙන් විසදුමක්.. හිරු එලියෙන් දුවන වාහනයක් හදා පෙන්වයි..

කිලිනොච්චිය මධ්‍යම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් ඉන්ධන නොමැතිව සූර්ය කෝෂ පැනල මගින් ධාවනය කල හැකි ත්‍රී රෝද රථයක් නිර්මානය කොට ඇත.

මධ්‍යම මහා විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන සුන්දරලිංගම් ප්‍රණවන් සිසුවා විසින් නිර්මාණය කොට ඇති මෙම ත්‍රී රෝද රථය මේ වන විට සාර්ථකව ධාවනය කිරීමට හැකියාව ලැබී ඇතැයි සිසුවා පවසයි.

පැයට කිලෝමීටර් 50 ක උපරිම වේගයකින් ධාවනය කල හැකි මෙම සූර්ය කෝෂ පැනල් භාවිත ත්‍රී රෝද රථය නිර්මාණය කිරීමට මාස 06 ක පමණ කාලයක් ගත වූ බවට සුන්දරලිංගම් සිසුවා පවසා සිටියේය. ඒ පිළිබඳව අදහස් දක්වමින් සිසුවා පවසා සිටියේ,

‘‘ කොරෝණා වෛරසය නිසා අපට පාසල් යන්න විදහක් නැහැ අන්තර්ජාලය ඔස්සේ ඉගෙනගත්තත් දවසේ වැඩි හරියක් නිවසට වී සීටීම කම්මැලි වුනා කොරෝණා අවධානම නිසා මිතුරන් සමග සෙල්ලම් කරන්නත් විදිහක් නැහැ. ඒ නිසා මම මගේ සීයත් සමග දවසේ වැඩි කාලයක් ගත කලා එයා හොඳ කාර්මිකයෙක් මේ නිසා මම සීයට මේ සූර්ය පැනල් යොදා සාදන ත්‍රී රෝද රථ නිර්මාණය කිව්වාහම මට සහය දුන්නා.

ඉතින් මම සීයාගේත් උදව් ඇතිව පසුගිය මාස 06 ක කාලය පුරා මේ සූර්ය කොෂ පැනල් භාවිතයෙන් ධාවනය වන ත්‍රී රෝද රථය හැදුවා මට ගොඩක් සතුටුයි මගේ නිර්මානය සාර්ථක වීම ගැන. රටේ ඉන්ධන ගැටලුවටත් මේක හොඳ විසඳුමක් වෙයි. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

63,989 views

30 Comments to “ඉන්ධන ප‍්‍රශ්ණයට පාසැල් දරුවෙකුගෙන් විසදුමක්.. හිරු එලියෙන් දුවන වාහනයක් හදා පෙන්වයි..”

  1. lolla says:

    Meke inna Baison lata maara choon mewata……pissu kelinawa gon athal denawa meke admin ekath…..

  2. Great and our Government officers should take positive and reports to be made correctly to get direction to Politicians.

  3. Karunarathna says:

    කාලෙන් කාලෙට මේ වගෙ උන් ඇවිත් මෝඩ ආතල් දෙනවා නව නිපැයුම් කියාගෙන ප්‍රසිද්ද වෙන්න .. ඉස්සර ලන්කාවෙ උන් වතුරෙන් දුවන වාහන හොයාගත්තා වගේ.. දම්මික පැනිය වගේ තමා මේකත්..

  4. Happy says:

    Very happy of u such a great child

  5. රංජිත් විජේසිංහ says:

    ඔහු දක්ෂ දරුවෙක් විදෙස් රටකින් ඩැහැ ගන්න කලින් ඒ දරුවාගේ හැකියාව රටේ ආර්ථිකය ගොඩ නගාගන්න රුකුලක් කරගන්න.

  6. රුක්ෂාන් සිල්වා says:

    ඔබේ හැකියාව තවත් ඔප මට්ටම් කරගෙන තවත් හොද මෙවැනිම නිර්මාණ බිහි කරන්න හැකි වෙවා. පුතේ ජය.

  7. Chthura Gunarathna says:

    Dan ithin kaiwaru gahana eka nawaththala e lamayata thawa issarahata yanna udau kranna.godak hakiyawa thiyena daksha lmayek.eh wagema kaget awadanaya yomu wiya uthui.

  8. Don says:

    Ane puthe vinodeta kammali kamata mehema deyak hadapu eka ithama hondai. Habai anith wahana yana pare padinna yanna epa. Happunoth oyalage watina jivitha iwarai

  9. Sagarika Alvis says:

    Dakshayek dan idanma niwrdi margayat gattot thawat rattagodak watina sampatk wei. Awwdanaya yomu kla uthui oho pilibadawa.

  10. sunimal says:

    ජය පතමු

Main News