ඉන්ධන මිල අඩුකිරිමට කිසිවෙකු කැබිනෙට්ටුවට යෝජනා කර නෑ…

June 15, 2021 at 10:00 am | lanka C news
ඉන්ධන මිල අඩුකිරිමට කිසිවෙකු කැබිනෙට්ටුවට යෝජනා කර නෑ…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති කැබිනට් හමුවේ දී ඉන්ධන මිල සංශෝධනයක් ගැන කිසිවක් සාකච්ඡා නොකරන ලද බව ඇමති SM චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ඉන්ධන මිල අඩු කිරීමක් ගැන එහිදී සාකච්ඡා නොකළ බවත් තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා තව දුරටත් පැහැදිලි කල බවත් ඒ හැර ඉන්ධන මිල ගැන වෙන කිසිවක් කතා නොකළ බවත් ඔහු සඳහන් කළේය.

උදය ගම්මන්පිල මහතා ද සදහන් කලේ සිටියේ කැබිනට් හමුවේ දී ඉන්ධන මිල සම්බන්ධයෙන් හෝ ඒ ගැන ඊට පසු ඇතුළු තත්වයන් ගැන එහිදී සාකච්ඡා නොවූ බවය.

ඉන්ධන මිල ඉහළ දමන ලද්දේ මාස කිහිපයක් තිස්සේ සිදු කරන ලද සාකච්ඡාවකින් පසුව බවද ඒ මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් ඊයේ කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපතිවරයා සහභාගි වී නැති අතර ඉන්ධන මිල ඉහළ දැමීම සහ පොහොර ‍ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ ගැටලු ඇතැයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇති බව වාර්තා විය.

පොහොර හිඟය නිසා ගොවීන් දැඩි පීඩාවට පත්ව ඇතැයිද ඇමතිවරුන් ගණනාවක් එහිදී ප‍්‍රකාශ කර ඇති අතර මේ ගැන රජයේ අවධානය වහා යොමු විය යුතු බව ද ඇමතිවරුන් තිමිප දෙනෙකුම පෙන්වා දී ඇත.

සමහර ප්‍රදේශවල පොහොර නැතිකමින් කුඹුරු විනාශවීමේ තර්ජනයක් ද මතුව ඇතැයි ඔවුන් පෙන්වා දී තිබේ.

16,481 views

14 Comments to “ඉන්ධන මිල අඩුකිරිමට කිසිවෙකු කැබිනෙට්ටුවට යෝජනා කර නෑ…”

  1. The man says:

    GR and MR government will run till 2030 no one can change it. All are with you if GAS go up or food prices we are with you.