ඉන්ධන මිල අද රාත්‍රියේ සිට ඉහල දැමේ… පෙට්‍රල් 08කින්.. ඞීසල් 10කින්..
July 10, 2018 at 9:55 pm | lanka C news
පිපෙට්කෝ ඉන්ධන බෙදුම්හල්වල අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් හා ඞීසල් මිල ගණන් ඉහල දමා තිබේ.
ජනාධිපතිවරයා හා මුදල් ඇමතිවරයා ඇතුළු පිරිසක් සමගින් සිදු කරන ලද සාකච්චාවකින් පසු මෙම මිල වැඩි කිරීම සිදු කර ඇත.
ඒ අනුව,
- ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 08 කින්
- ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 07 කින්
- ඩීසල් ලීටරයක් රුපියල් 09 කින්
- සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10 කින්
ඉහල දමා තිබේ.
ඒ අනුව ඉන්ධන නව මිල ගණන් මෙසේය.
- ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 145
- ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 155
- ඩීසල් ලීටරයක් රපියල් 118
- සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 129
පසුගියදා තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිල වැඩි කලද පසුදිනම නැවත එම මිල නැංවීම අහෝසි කරන ලදී.
මිල සූත්‍රය හඳුන්වාදීම ඉතාම හොඳයි.එතකොට ලෝක වෙළඳපොලේ තෙල්මිල උච්ජාවචනය අනුව ජනතාවට අඩු හෝ වැඩි මිලට තෙල් ලබාගන්න වෙනවා. රජය මෙවැන්නක් කෘතිමව පාලනය කිරීම තෙල් නිපදවන්නෙ නැති අපවැනි රටකට කල නොහැක්කක්.බොහෝ දියුණු රටවල මෙම තත්ත්වය දැකිය හැකියි.වෙළඳපොලට වැඩිපුර සැපයුම්කරුවන් හඳුන්වාදීම හරහා පාරිභෝගිකයාට වඩාත් තරඟකාරි මිලකට ඉන්ධන ලබාගතහැකිවේවි.
Kohomada me hirikotha baby ge mole alayak wage neda.
Babalanthaye anduwane…ithin karana ona deyak babalata hondai
ඒක මාරම සූත්රයක්නෙ. ලෝක වෙළඳපෝලේ පහල යන කොට මෙහෙ ඉහල යනවා. ලෝක වෙළඳ පොලේ මිල අනුවම මෙහෙ වෙනස් වෙනවනන් ගොඩක් හොඳයි.
හෑබෑයි මෙහෙ ඉන්දන මිල = ලෝක වෙළඳ පොලේ මිල + බදු + බදු + බදු + බදු + බදු + .. .. ..
ඒ කාලෙ මුන්දලා විපක්ශේ ඉන්නකොට මට මතකයි කියනවා … ලෝකෙ මිල වැඩි වෙනකොට මෙහෙ මිල වැඩි වෙනවනම් ආන්ඩුවක් ඕනෙ නෑ..මේක සියඹලාන්ඩුවක් කියල
දැන් බොරතෙල් USD 72 විතර වෙන්නේ පෙට්රෝල් 145
2013- 2014 වගේ බොරතෙල් USD 120 ට විතර ගියොත් පෙට්රෝල් රු 250 වත් වෙයි
2013 , 2014 වගේ ඩොලර් 120 ට බෑරල් එකක් ගියොත් මේ කට්ටියට තෙල් විකුනන්ඩ වෙන්නෙ රුපියල් 300ට. ඈයි මෙකට්ටියම කිව්වනෙ ඩොලර් එක වෑඩිවෙන එක හොඳයි රටට හරි ලාබයි කියලත්.