පෙට‍්‍රල්-ඩීසල් පාඩු නොවීමට ඉහල දැමිය යුතු මිල ගණන් මෙන්න..

October 11, 2021 at 10:02 pm | lanka C news
පෙට‍්‍රල්-ඩීසල් පාඩු නොවීමට ඉහල දැමිය යුතු මිල ගණන් මෙන්න..

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමත් සමග අද වන විට මෙරට පෙට්‍රල් ලීටරයකින් පාඩුව රුපියල් 14.56 දක්වා ඉහළ ගොස් ඇතැයි ඛනිජ නීතිගත සංස්ථාව සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරයි.

එමෙන්ම ඩීසල් ලීටරයක පාඩුව රුපියල් 31.46 බව ද ඔහු පැවසීය.

අවසන් වරට ඉන්ධන මිල ඉහළ දමද්දී ලෝකවලට පොළේ පෙට‍්‍රල් බැරලයක මිල ඩොලර් 78.8ක් බවත් අද එය ඩොලර් 92 දක්වා ඉහල නැග ඇති බවත් එදා ඩොලර් 76.7ට තිබූ ඩීසල් බැරලයක් අද ඩොලර් 92.67 දක්වා ඉහල ගොස් ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මේ තත්වය මත අගෝස්තු මස 31 වන දින යන විට තෙල් සංස්ථාවේ පාඩුව රුපියල් බිලියන හැත්තෑවක් බවද ඒ මහතා සඳහන් කළේය.

එනිසා මෙවන් අවස්ථාවක කළ යුතු පළමු දේ ඉන්ධන මිල ඉහළ දැමීම බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

බලශක්ති අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

101,032 views

23 Comments to “පෙට‍්‍රල්-ඩීසල් පාඩු නොවීමට ඉහල දැමිය යුතු මිල ගණන් මෙන්න..”

  1. බොරතෙල් says:

    හට නම ලක්ෂය ඉන්දන මිල සුත්‍රයට විරුද්ධ වුනා. දැන් අඩුවෙන අවස්ථාවල වාසිය මහා ජනතාවට දෙන්නෙත් නැ වැඩි වෙන හැම වෙලේම වැඩි කරනවා. මේකට තමයි ඉන්දන මිල සුත්‍රය තිබ්බේ. එතකොට අඩුම වශයෙන් අඩුවෙනකොට අඩු කරන්න සිද්ධ වෙනවා. හැටනම ලක්ෂයේ සාපයෙන් ලැබුණු තවත් දෙයක් තමයි මේ අපි ඔක්කොම විඳින්නේ.

  2. පැන්ඩෝරා පේපර්ස් says:

    ඇයි ඇත්තටම IOC එක අධික ලාභ ලබද්දී තෙල් සංස්ථාව හැමදාම පාඩු ලබන්නේ ? ඇයි ලෝක තෙල් මිල අවම වෙද්දී ඒ වාසිය ජනතාවට නොදී සංස්ථාව තියාගෙනත් පාඩු ලබන්නේ ? අධික බදු තෙල් මිලට එකතු කරලත් ,ජනතාව අත්පිට මුදල් දී ඉන්ධන ලබා ගත්තත් පාඩු ඇයි. පිලිතුරු සරලයි.
    තෙල් සංස්ථාවේ ණය බර හා වියදම් එසේ මහා පරිමාණයෙන් ඉහළ ගොස් තිබෙන්නේ වෙනත් රාජ්‍ය ව්‍යාපාර තෙල් සංස්ථාවෙන් ණයට තෙල් ගැනීම නිසාය. නැතහොත් ඒ ආයතන මගින් ගත් තෙල්වලට ගෙවිය යුතු මුදල් නොගෙවීම නිසාය. ලංකා විදුලිබල මණ්ඩලය, එයාර් ලංකා ගුවන් සේවය වැනි රාජ්‍ය සංස්ථා තෙල් ගන්නේ තෙල් සංස්ථාවෙනි. ඒ අත්පිට මුදලට නොව ණයටය. දුම්රිය දෙපාර්තමේන්තුව හා ගමනාගමන මණ්ඩලය ද සංස්ථාවෙන් තෙල් ගන්නේ ණයටය. බොහෝ විට ඒ ණය ගෙවන්නේ ණය වූ ආයතනයෙන් නොව මහා භාණ්ඩාගාරයෙනි. තෙල් සංස්ථාව ලාබ ලැබිය හැකි ආයතනයකි. එහෙත් එසේ නොවන්නේ වෙනත් රාජ්‍ය ආයතනවලට ණයට දෙන තෙල්වලට ලැබිය යුතු මුදල් නිසි කලට වෙලාවට නොලැබීම නිසාය.
    සරලව කිව්වොත් රාජ්‍ය ආයතන “පිනට”ගහන තෙල් හින්දා තෙල් සංස්ථාව අධික පාඩුවක් ලබනවා . මේවට වග කියන්න ඔනේ කවුද ? පවතින රජයන් සහ ආකාරයක්ශම රාජ්‍ය පාලනය , අධික සේවක නඩත්තුව , රාජ්‍ය සේවකයගේ ඉදං පිං මන්ත්‍රී ඇමතිලා ගහන පිනට තෙල් ටික. මේ බර ඔක්කොම දරන්නේ උබල අපි ,ඒ කියන්නේ බදු ගෙවන ජනතාව. ලොකේ වෙළද පොලේ ලබ්බක් නෙමෙයි , ජන්තාවට ගෙවන සහනාධරෙකුත් නෙමෙයි. ගොබ්බ පාලනේ එච්චරයි .

    • Gayan says:

      225 ට තෙල් ඇමති ආරක්ෂක තෙල් අමත්‍යංශයේ ඉන්න හොරුන්ට තෙල් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න උන්ට තෙල්. යමුදාවට තෙල් ඇයි ඔය ඇමතිලාගේ ගැනුන්ගෙ දරුවන්ගෙ වාහන වලට තෙල් . කොටින්ම කිව්වොත් රජයේ ඉන්න හොරු සහ හොර ආයතන වලට දෙන සහන නිසා තමයි ඔච්චර පාඩුව නැතුව අපි නයට තෙල් ගැහුවෙ නෑනේ

  3. Sharm says:

    Pls stop issuing fuel free of charge for the parliamentarians. A huge cost would be saved by this. Bcoz non of the citizen are offered fuel FOC.

  4. Shehan says:

    Kiyala theyena de sampurrna etha mun okkoma hora kala den ethen paduilu hena gahanawa hora kana unnta hedigewila yanawa okkoma horu tika

Leave a Comment

Main News