ඉන්ධන මිල ඉහල දමන්නැයි කියයි.. දැනට ලීටරයක පාඩුව ඩීසල් 43ක්, පෙට්‍රල් 28ක්, භූමිතෙල් 60ක්

November 18, 2021 at 10:22 pm | lanka C news
ඉන්ධන මිල ඉහල දමන්නැයි කියයි.. දැනට ලීටරයක පාඩුව ඩීසල් 43ක්, පෙට්‍රල් 28ක්, භූමිතෙල් 60ක්

අද වන විට ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් විශාල ලෙස පාළු ලබන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් සංස්ථා ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ඩීසල් ලීටරයකින් රුපියල් 43ක්, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 28ක්, භූමිතෙල් ලීටරයකින් රුපියල් 60ක් සංස්ථාව දැනට පාඩු ලබමින් සිටින බවයි.

මෙම තත්වය යටතේ තෙල් සංස්ථාවේ පාලනය බහුජාතික සමාගමක් අතට පත් වුවොත් ඩීසල් ලීටරයක් රුපියල් 250ක් පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 275 දක්වා ඉහළ යන බවද ඒ මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් ඉන්ධන මිල ඉහළ දමා හෝ තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කර ගෙන යා යුතු බවද ඔහු පැවසීය.

බන්දුල සමන් කුමාර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිතියේ ඛනිජ තෙල් සංස්ථා ශාඛාවේ සභාපතිවරයාය.

39,869 views

10 Comments to “ඉන්ධන මිල ඉහල දමන්නැයි කියයි.. දැනට ලීටරයක පාඩුව ඩීසල් 43ක්, පෙට්‍රල් 28ක්, භූමිතෙල් 60ක්”

  1. පුස් සයිකල් කාරයා says:

    ඇතා ගත්ත එකේ හෙංඩුව කජ්ජක්යැ . ඔන්නොහේ වැඩි කොර දාන්න . අපි ට නං ඕක ගානක් වත් නෑ .

  2. පබිලිස් says:

    හොඳ ම විවිසදුම හෙසා කොලුවා අගමැති කර න එක.
    කොලුවා ට රාජ යෝගයන් හිටන් තියන වා

  3. Opa-dupa says:

    කරුමෙ කියන්නෙ මෙච්චර වත් බුද්ධියක් නැහැ නේ මේ ගොන් ඇමතිලාට.

  4. Manel says:

    Govt should not subsidize any commodity that is not essential for day to day living. Why fuel is subsidize? Just see how many vehicles on the road. Immediately increase price to match cost.

  5. ගිජුලිහිණි සංදේශය says:

    🦉
    බත හිඟ වෙලා තපිනා බඩගිණි මැලය
    අත මිට කාසියට වැඩියෙන් බඩු මිළය
    ඇත රට පුරා ඇරඹී පෝලිම් යුගය
    තිතටම රකිති රජ මැති ලද ජන වරය

    ගිජුලිහිණි සංදේශය

  6. LalithM says:

    මිල ගැන කියන්න තියෙන්නේ උන්ට ගානක් හම්බ කරන යෝජනාවක් වගේ. වෘත්තීය සමිතිවල රාජකාරිය කරගෙන හිටපන්.

  7. amal says:

    Mama nam yanne nissan leaf eke. Mata petrol thibbath ekayi nathth ekayi. Mama gedara solar damala thiyena nisa ape paththata current kapanna epa.

  8. 0.00069 BIYYO says:

    ගම්මන්පිල කෑගහනව විතරයි, මිනිසුන්ව චූන් කරන්න. අන්තිමට ආන්ඩුව ගේන හැම පනතටම අත උස්සනව. බොරැ පඩ ෂෝ. මෙයාට රාජපක්ෂ අසූචි වලින් තොර ලෝකයක් නැහැ 😂😝😜

    නියම දේශප්‍රේමීන් ඉන්නෙ ජේවිපි එකේ විතරයි .උං රාජපක්ෂලා ඉදිරියේ දණ නොනැමු එකම පක්ෂය .බොරු කතා වලට සංවේදී වෙලා රට වලපල්ලට නොදා රට බේරා ගන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

    • Anuradha says:

      එකනම් ඇත්ත එක නිසා වෙන්න ඕනේ එදා 45 ආසන 6 බැස එයා අලුත් කිරීම මත 3 නට බස්සවලා තිබෙන්නේ.එතකොට යහාපාලනයේ එදා මගුල් කනවිට එවුන්ට එකතුවී ඔවුන් සමග නිදියාහන් ඇයිද දන්නේ නැහැ නේද?ඇයි එදා උන්ට කථාකරන්න බැරිවුණේ කටේ පිට්ටු හිරවෙලා නිසාද? අනේ හලෝ මුන් එකෙක්වත් වැඩක් නැහැ අමුතුවෙන්ම අලුත් කට්ටියක් අවශ්‍යය බව පෙනෙන්නේ නැද්ද හලෝ??

    • Pediatrician says:

      ජවිපෙ ළදරු වලිප්පුව ලංකාවේ මෙතෙක් බිහිවූ ප්‍රගතිශීලීම රජයට (සමගි පෙරමුණ) පහරදී දුර්වල කරන්න 1971දී CIA සංවිධනය විසින් යොදා ගැනුනා.
      අද වන විට මෙම ලදරු වලිප්පුව බෝවී අසාදනය වී ඇති ප්‍රමාණය තවත් වැඩියි.බටහිර අධිරාජ්‍යවාදීන්ට අවාසිසහගත ගිවිසුම් වලට ලංකාව වෙනත් රටවල් සමග එලඹීම වැලැක්වීමට මේ ලදරු වලිප්පුවෙන් පෙලෙන අනුර,විමල්,ගම්මන්පිල.ජවිපෙ,පෙරට්ටුවන්,හෙළ උරුම කල්ලිය,අන්තරේ ඉතාමත් සූක්ෂමව බටහිර විසින් යොදා ගැනෙනවා.