ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

September 10, 2018 at 11:44 pm | lanka C news
ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඉන්ධන මිල තීරණය කිරීමේ කමිටුව විසින් මෙම මිල ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 145 සිට 149 දක්වා රුපියල් 04කින්
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 157 සිට 161 දක්වා රුපියල් 4කින්
ඔටෝ ඞීසල් ලීටරයක් 118 සිට 123 දක්වා රුපියල් 5 කින්
සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 130 සිට 133 දක්වා රුපියල් 3 කින්
ඉහළ දමා ඇත.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සහ විනිමය අනුපාතය මත මෙරට ඉන්ධන මිල තීරණය කිරීමට සකසන ලද මිල සූත්‍රය අනුව මෙම මිල වැඩි කිරීඹ සිදු කර ඇත.

කෙසේ වෙතත් මෙම මිල සූත‍්‍රය මේ වන තෙක් ප්‍රසිද්ධියට පත් කර නැත.

368 views
Main News