ඉන්ධන මිල යලි ඉහලට…?
May 21, 2022 at 10:40 am | lanka C news
ලබන සතියේ ඉන්ධන මිල වැඩි කිරීමට රජයේ සූදානමක් ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය සඳහන් කරයි.
එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ මේ වන විට ඩීසල් පෙට්‍රල් භූමිතෙල් ඇති තරම් තොග තෙල් සංස්ථාව සතුව ඇති බවයි.
නමුත් එම තෙල් තොග නිකුත් නොකර සීමා සහිතව නිකුත් කරමින් සිටින්නේ එළඹෙන සතියේ තෙල් මිල ඉහළ දැමීමට බලාපොරොත්තුවෙන් බව ද හෙතෙම කියා සිටියේය.
ජුනි මාසයේ මැද පමණ වන තෙක් ඉන්ධන හිඟයක් ඇති නොවනු ඇතැයිද හෙතෙම තවදුරටත් පැවසීය.
ජූනි මැද වෙනකන් තෙල් වෙනකන් තෙල් තියනවා…ඊට පස්සෙ? ජූලි අගොස්තු සැප්තැම්බර් ඔක්තෝම්බර්, 2023,2024 එතකොට කොහෙන්ද බන් තෙල්……රට කරන හැම එකෙක්ගෙම target එක ඉදිරි මාස තුනක් කොහොමද කරන්නෙ කියලා… එහෙම වැඩ නෑ යකෝ අවුරුදු ගානකට හොද කෘෂිකාර්මික වැඩ පිලිවලක් හදපල්ලා……අතිරික්තය අපනයනය කරන විදියට
මේවා දාන්න සහ කියන්න එපා. දෙන තෙල් ටිකත් නැති වෙනවා.
වැඩි කල යුතුයි තමා. අඩුම ගානෙ පරිභෝජනයවත් සීමා වෙයි. වෙන කරන්න දෙයක් නෑ
කුණු බයියෙක්
ගෝටා යනතුරු මේ දේවල් අසන්න සිදුවෙනවා ඉක්මනින් යවමු.
ලෝකයේ ඉන්ධන මිල ඉහළ යනවිට මිල ඒ අනුව වැඩි කිරීමට තමයි ආන්ඩුවක් ඕනෑ
එහෙම නොකල නිසා තමයි අද සියල්ලම කඩා වැටුනේ.
මේවා තේරුම් ගන්න තරම් බුද්ධිමත් ජනතාවක් ලංකාවේ නෑ.
ඒ නිසා තමයි ලංකාව ට ප්රජාතන්ත්රවාදය හරියන්නේ නැත්තේ
ලංකාව ට හරියන්නේ වැරදි කලොත් හිස ගසා දමන රාජාණ්ඩුවක්
පෙට්‍රල් රු. 137 කරපුවහම බයිසිකල් වලිං ගිය හිටපු ලොක්කා, රු. 330+ කරපුවහම යන්නෙ හෙලු…. (sorry, වැරදුනා) හෙලිකොප්ටරෙං.
සවු 1/2 (සෞභාග්‍යය) අපූරුයි.