ඉන්ධන මිල යලි වැඩි කරයි…?

December 24, 2021 at 3:00 pm | lanka C news
ඉන්ධන මිල යලි වැඩි කරයි…?

ඉන්ධන මිල නැවත වතාවක් වැඩි කිරීමට කටයුතු කරන බව තමන් වගකීමෙන් පවසන්නේ යැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.

ජනවාරි 4 වැනිදා වන විට බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවීම මත එම මිළ වැඩි කිරීම තවදුරටත් ඉක්මන් වනු ඇතැයිද ඒ මහතා පැවසීය.

දැනට ද මෙරට ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ ඩොලර් පහළොවකින් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහල බැස තිබියදී බව ද ඒ මහතා පෙන්වා දේ.

තෙල් සංස්ථාව මහජන බැංකුවට ඇති ණය ගෙවීම නොකරන නිසා පිරවුම් හල් හිමියන් ඉන්ධන ඇණවුම් කරන විට මහජන බැංකුවේ තෙල් සංස්ථා ගිණුමට යවන මුදල්වලින් මහජන බැංකුව මුදල් අඩු කර ගන්නා බවද ඔහු පැවසීය.

මෙවර සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවා ඇත්තේ ද මුදල් ණයට අරගෙන බවත් ඉදිරියේ දී පඩි ගෙවීම සිදු කරන්නේද මුදල් ණයට ගෙන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

96,280 views

10 Comments to “ඉන්ධන මිල යලි වැඩි කරයි…?”

  1. LalithM says:

    ප්‍රශ්නයක්. සංස්ථාව පාඩු ලබනවා.මිල වැඩිකර ජනතාව ගසාකනවා. සේවකයින්ට ප්‍රසාද දීමනාව ගෙවනවා. මේ මොන විහිලුවක්ද? අනික මේ සංස්ථාව රටේ විදේශ වත්කම් මත යැපෙන එකක්. මෙතරම් ඉහල පඩි ගෙවන්නේ ඇයි… පුද්ගලික අංශයට දීල බලන්න. ලාභ ලබා රජයට බදුත් ගෙවා අඩු මිලට තෙලුත් දෙයි. ඉස්සර ලංකාවේ දුරකථන සේවය හොඳම උදාහරණය. අද කිසිම රාජ්‍ය දුරකථන සේවයක් නෑ.ශ්‍රී ලංකා ටෙලිකොම් නමට රාජ්‍ය ඇත්ත මැක්සිස්.

    • kamalakka says:

      100 % true

    • SL says:

      මේ කාලකන්නි ,හතර අතේ ණය වෙලා , ප්‍රසාධ දීමනා ටික නම් මොකුත් කියන්නේ නැතිව අරගෙන තියෙනවා .

      රටක් හැදෙයි ද ?

      මේ රට මේ තත්වෙට පත්වෙලාම තියෙන්නේ මේ වගේ කාලකන්නි ක්‍රමවේද හින්ද, ආණ්ඩුව හිඟා කාල , පාඩු ලබන, කුජීත සේවකයන් ඉන්න, කිසිම පලදායි තාවක් නැති මේ වගේ කාල කන්නින්ට ප්‍රසාද දීමන දෙනවා..

    • Kamal says:

      බම්බුව තමයි. පෞද්ගලික අංශය අඩුවට බම්බුවක් දෙයි. පෞද්ගලික අංශයට දුන්නාම නාස්තිය අඩු වෙනවා නම් අඩුවට දෙන්න පුළුවන් නම් ලංකා අයි ඕසී එකට ලාෆ් එකට කරන්න බැරියැ.
      මෙතන වෙලඳපොල ඒකාධිකාරයක් තියෙනවා. ඒ හින්දා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට තමන්ගේ නාස්තිය හා දුෂණය සම්පූර්ණයෙන්ම පටවන්න පුළුවන් පාරිභෝගිකයාට. උදාහරණ පෞද්ගලික බස්රථ(උන්ගේ ඒකාධිකාරය තියෙන්නේ ඒ රෑට් එකේ අදාල වෙලාවට). ටෙලිකොම් එකට තරඟකාරුවන් හතර පස් දෙනෙක් ඉන්නවා. එතකොට නාස්තිය හා දුෂණය පාරිභෝගිකයාට පටවනවා කියන්නේ පාරිභෝගිකයන් අනික් එවුන්ට යන්න පුළුවන් . ටෙලිකොම් එක හූරන් කාපුව බලන්න පුළුවන් උන්ගේ වාර්ෂික වාර්තාවේ. හැබැයි පෞද්ගලික අංශයේ හොඳට කරන එවුන්(හූරන් කන) ඉන්නෙ ෆිනෑන්ස් කොම්පැනි වල.

  2. කඩවත වීරමුණි says:

    ” මෙවර සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවා ඇත්තේ “. රට දුවන්නේ රිම් එකෙන්, සංස්ථාව වහලා මුන්ව ගෙදර ඇරලා විතරක් මදි මුන්ව මරන්න වටින්නේ. යකො රටේ ඉන්න හැම එකාම තොපේ පව් ගෙවන්න එපයි ඕක පාඩු ලබන කොට. මේ ඔක්කොම හාල්පරුවෝ එක එක දේශපාලුවා න් ට පූ දීලා රස්සා අරන් රටට බරක් වෙච්ච කාලකන්නි හැත්ත. බලාගෙන හිටපන් ගොබ්බ පුතානෝ ඇවිල්ල තොපි නලවාලා කිරිපොවන කන්.

  3. Truth says:

    Must increase till people feel the deficdifficulty it don’t see anyone respond to this situation. I also wish to see all items get increase till people really feel the gravity

  4. economist says:

    aduma tharame literaya 1000k kaloth dollar ithiri karanna puluwan. ita meha wisadumak naha.

  5. Asela says:

    මෙවර සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවා ඇත්තේ ද මුදල් ණයට අරගෙන බවත් ඉදිරියේ දී පඩි ගෙවීම සිදු කරන්නේද මුදල් ණයට ගෙන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

  6. Dr. MK says:

    මේ කාලකන්නියට ප්‍රසාද දීමනාත් ගෙවල . උගේ ගොන් කටින්ම ඒක වැමෑරුවා.

  7. ක්‍රිස්තු ලෝකය says:

    ඒක තමා මම හැමදාම කියන්නේ මේ රටේ බහුතර ය ක්‍රිස්තු ධර්මය අදහන දාට ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි බලන්න හැරී ජයවර්ධන දිහා . කම්පැණි එකක් ටී බෝයි විදියට පටන් ගත් කෙනා අද ඉන්න තැන දේව ධර්මය අනුහසින් මගේ මව්බිම දිනේවා.
    Stassens, DCSL, AITKEN SPENCE, MELSTA, LANKA BELL , Laksprey, ව්‍යාපාර දියුණු වේවා , රජයට කරගන්න බැරි ඉතිරි ව්‍යාපාර නොබෝ දිනකින්ම එතුමා ට හිමි වේවා .

Main News