ඉන්ධන මිල වැඩි කරන යෝජනාව කැබිනට් මණ්ඩලයට.. දැනට ලීටරයකින් 16ක් පාඩුයිලු..

January 26, 2021 at 11:20 am | lanka C news
ඉන්ධන මිල වැඩි කරන යෝජනාව කැබිනට් මණ්ඩලයට.. දැනට ලීටරයකින් 16ක් පාඩුයිලු..

ඉන්ධන මිල ඉහල දැමීම සඳහා වන යෝජනාවක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඇමැති මණ්ඩල විසින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.

කැබිනට් හමුවේ ඊයේ දින අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ අවස්ථාවේ මෙම යෝජනාව ඉදිරිපත්ව ඇත.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉන්ධන මිල ඉහළ දැමීමක් මගින් ජනතාව අසීරුතාවයට පත් කර නොහැකිව බවත් හැකිනම් ඉන්ධන සඳහා එක් කර ඇති බදු මුදල් අඩු කිරීමට මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන ලෙසත්ය.

ඇමති උදය ගම්මන්පිල මහතා පෙන්වා දී ඇත්තේ මේ වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක් ඩොලර් 57 දක්වා වැඩි වී ඇති නිසා සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 16කට අධික පාඩුවක් වන බවයි.

26,724 views

13 Comments to “ඉන්ධන මිල වැඩි කරන යෝජනාව කැබිනට් මණ්ඩලයට.. දැනට ලීටරයකින් 16ක් පාඩුයිලු..”

  1. පින්ගුත්තර රජයේ ආයතන වසලයෝ says:

    පින්ගුත්තර කම්බ හොර රජයේ ලබ්බවල් වලට සහ නිලධාරීන්ටයි උන්ගේ හෙන්චයියොන්ටයි පිනට ඉන්ධන සහ විදුලිය දීම නතර කරපියවු පරභල්ලෝ.

    • weerasinghe says:

      2014දී අපි පෙට්‍රල් 167ට ගැහුවෙ. එදා රට සංවර්ධිතයි. ආපහු එතනට යන්න නම් ඉන්ධන මිල ඒ ගානට ගන්න ඕනේ.

  2. lotus says:

    ගම්මන්පිල BICYCLE PEDDA HETI AMATHAKA WELA. IDIOT

  3. Nimal says:

    ඉන්දන මිල වැඩි කරන යොජනාව ප්‍රතික්ෂේප කරයි කියලා හෙඩිම දැමිමානමි සාදාරනයි

  4. lol says:

    ai gembo , yahapalanaya kale ubala bicycle padidie tibbathe 65+. dan ethokota bicycle padinne nathayii ?

  5. Rasika says:

    කවුරු කාගෙ කො න් ත්‍රාත් කරනවද කියලා පැහැදිලියි . මෙ හෙඩිම විය යුත්තෙ “ ගම්මන්පිල ඉන්ධන වැඩි කිරිමට කල යෝජනාව ජනපති ඉවත දමයි”
    මෙ ගොල්ලො මහින්ද මාමා එක්ක හොරා කාලා පුරුදු වෙලා දැන් නැතුව දගලනවා. ජනපති අපහසුතාවයට පත්වන විවිධ දේ කර ජනපතිගේ කකුලෙන් අදින්නෙ කාගෙ උවමනාවටද?

  6. කේලමා says:

    බොර තෙල් මිල අඩු වෙච්ච වෙලාවෙ , බන්දුල ඇමති තුමා නං කිව්වෙ ” ඒ ලාබෙ පස්සෙ බොර තෙල් මිළ ඉහල ගියාම පාරිභෝගිකයාට ” කියලා . හැබැයි ඉතිං මොකුත්ම කොර ගන්න බැරි ඇමති කෙනෙක් බව හාල් මිළෙන් පෙන්නාපු නිසා , ඔන්නොහේ කමකුත් නෑ .

    • NAK says:

      කමක් නැහැ කියල හරියන්නේ නැහැ ඒ සල්ලි වලට වෙච්ච දෙයක් හොයන්න ඔීන

  7. Alapaluwa says:

    කොරෝනා තිබුනෙ නැත්නම් රට ගොඩ. තෙල් ගහන එකා කොහොමහරි ගහගෙන පදිනවා. මේ වෙලාවෙ සහන පැත්තකින් තියල තෙල් මිල වැඩිකරනව මිසක් අඩුකරන්න ගිහින් රට බංකොලොත් කරගන්න එක මෝඩ වැඩක්. ධම්මික මහතා දැනටමත් ලක්ෂ 40 කට හෙල ඔසුව බෙදලා. දිගටම නොමිලේ බෙදමින් ඉන්නවා. සහනාධාර දෙන්න ඕන ඔහුට. ඔහු නුදුරේම රට කොරෝනා වලින් මුදාගන්නවා. ඉන්පසු එන්නේ රටේ සෞභාග්‍යමත් කාලය.

  8. වන් ශ්‍රී ලංකා says:

    ජනවාරි – 16/- – බැහැ, වෙන විදිහක් බලන්න
    පෙබරවරි මුල – 13/- – බැහැ, ජනතාවට බර වැඩියි
    පෙබරවාරි අග – 10/- – බැහැ, ජනතාවට අමාරුයි
    මාර්තු මුල – 8/- – හා, ඉතාම සාධාරණ

  9. බූරු පුතාණෝ සජියා says:

    ඩීසල් මිල වැඩි කරන්නෙ නැතුව පෙට්‍රල්, සුපර් පෙට්‍රල්, සුපර් ඩීසල් ලීටරය රුපියල් 50 කින් වැඩි කරල ලාම්පුතෙල් මිල ඩීසල් මිලට වැඩි කරන්න ඕනැ.

  10. ලොක්කා says:

    වෙලා තියෙන්නේ මොකක්ද කියලා අන්න ගම්මන්පිලගේ ෆේස්බුක් පේජ් එකේ තියෙනවා.ගිහින් බැලුවනම්.

Main News