ඉන්ධන මිල වැඩි කලාට විරුදදයි..- ඇමති වාසු

June 22, 2021 at 2:10 pm | lanka C news
ඉන්ධන මිල වැඩි කලාට විරුදදයි..- ඇමති වාසු

තෙල් මිල වැඩි වීමට තම පක්ෂය විරුද්ධ බවත් මෝටර් සයිකල්, ත්‍රීවිලර් වැනි වාහන සහ ධීවරයන්ට සහනයක් දිය යුතු බවත්, සුඛෝපභෝගී වාහනවලට විශේෂ තෙල් බද්දක් නියම කිරීම ගැටලුවක් නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

මිල වැඩි වීමේ බර ජනතාව අතර බෙදී නොයන ලෙස ඉන්ධන මිල වැඩි කර ඇති හෙයින් ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තම පක්‍ෂය විරුද්ධත්වය ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

හෙතෙම පෙන්වා දුන්නේ, විශාල සුඛෝපභෝගී වාහනවලටද එසේම යතුරුපැදිවලටද සමාන ලෙස ඉන්ධන මිල ඉහළ දැමීම සුදුසු නොවන බවයි.

ඒ අනුව මෝටර් සයිකල්, ත්‍රීවිලර් වැනි වාහන සහ ධීවරයන්ට සහනයක් දිය යුතු බවත්, එහිදී සුඛෝපභෝගී වාහනවලට විශේෂ තෙල් බද්දක් නියම කිරීම ගැටලුවක් නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජල සම්පාදන අමාත්‍යාංශයේදී ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා,

“තෙල් මිල ඉහළ දැමීම පිළිබඳ අපේ පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණ සම්පූර්ණයෙන් විරුද්ධයි. තෙල් මිල සම්බන්ධයෙන් අපගේ යෝජනාව වන්නේ ධීවරයන්ට, ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි වෑන් රථවලට, මගී ප්‍රවාහනයට, මෝටර් බයිසිකල්වලට සහ ත්‍රිවීලර්වලට සහනදායී තත්ත්වයක් ඇති වන ආකාරයට මේ තෙල් මිල වැඩිකළ යුතු බවයි.

ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රධාන ආණ්ඩුවට අපි යෝජනා ඉදිරිපත් කරනවා. ඒ යෝජනා අතර ප්‍රමුඛ වන්නේ ධීවරයන්ට, ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි වෑන් රථවලට පොදු ප්‍රවාහන සේවයට මගී ප්‍රවාහනයට මෝටර් බයිසිකල්වලට සහ ත්‍රිවීලර්වලට යම් ආකාරයක සහනදායී මිල මට්ටමක ඉන්ධන සැපයීම පැවතිය යුතුය යන්නයි.

විශාල සුඛෝපභෝගී වාහනවලටත්, මෝටර් සයිකල්වලටත් එක වගේ තෙල් මිල වැඩිකිරීම කිසිසේත් සුදුසු නැති බවයි අපි අදහස් කරන්නේ. මෝටර් සයිකල් ත්‍රීවිලර් වැනි වාහනවලට සහනයක් දිය යුතු අතර, සුඛෝපභෝගී වාහනවලට විශේෂ තෙල් බද්දක් නියම කිරීම ගැටලුවක් නෑ.

අපි කවුරු කවුරුත් මේකේ අමාරුව බර දරාගන්නවා නම්, අන්න ඒ පුළු පුළුවන් හැටියට රටේ ජනගහනය අතරේ මේ බර බෙදී යනවා නම්, එහෙනම් එකට අපි එකඟ වෙන්න පුළුවන්. එහෙම බෙදී යන ආකාරයට මෙම තෙල් මිල වැඩිවීම සිදුවී නොමැති නිසයි අපි මෙම වැඩිකිරීමට විරුද්ධ වන්නේ” යැයිද පැවසීය.

– ADA

22,111 views

8 Comments to “ඉන්ධන මිල වැඩි කලාට විරුදදයි..- ඇමති වාසු”

  1. Piyarathne Gamage says:

    එහෙනම් මක්කටෙයි රෙද්ද උස්සන් ගම්මන්පිල පස්සෙ දිව්වෙ ….අපි ඔබ සමගයි කියල…

  2. dil says:

    Tell that to OPEC old idiot. Not to government.

  3. රටවැසි says:

    ඔව් ඉතිං මැති ඇමති සුකෝපබෝගී වාහන වලට ආණ්ඩුවේ වියදමින් තෙල් ගහන හන්දා , ඔය කොයිඑක ඉස්සුවත් කමක් නෑ නොවෑ . අම්මාපා චංදයක් දීල කොරාගත්ත හරියක් . බූ වල්ලෙන් තලා ගන්න ඕන අපිට මයි .

  4. පොඩි එකා says:

    මෝටසයිකෙලේට අඩු කෙරනවා නං සෝක්.

  5. Kappiya says:

    Boru nokara hitahan1

  6. ලංකාව වෑනසෙන්නේ මේ වගේ හිඟන කථා නිසා. රටේ ධනවත් අය හිටියා නම් චීන්නුන්ට සුද්දන්ට නියවන්නේ නැතිව අපේ ධනවතුන් ලවා ආයෝජන කරවන්න තිබුනා. මේ වගේ අපතයෝ හැමදාම කිව්වේ ධනවතුන් භංග වේවා කියලා. තවමත් ඒ චින්තනය මයි.ධනවතුන් කියන්නේ රටට ආශීර්වාදයක් කියලා හිතනකම් අපි හිඟන්නෝම තමයි

  7. 🤣🤣🤣🤬 says:

    රජයේ ගන්න පඩියට වැඩ කරන වාසු
    රෑ දවල් වෙහෙසිල වැඩ පෙන්වන වාසු
    ඉන්ධන මිළ වැඩිවුනාම කුලප්පු වූ වාසු
    නැත ඩයිනමයිට් සැර විස්කි වලට වාසු

  8. Gon athal says:

    Ammmoooo.. me ara Pak….a neda…
    Nawen wandi enakan enne…

Main News