ඉන්ධන මිල වැඩි කලේ ජනාධිපති හා අගමැතියි.. අස්වෙන්න කියන්නේ ඔවුන්ටයි…- ගම්මන්පිල පොහොට්ටු ලේකම්ට ප‍්‍රසිද්ධ අභියෝගයක් කෙරේ..

June 13, 2021 at 3:00 pm | lanka C news
ඉන්ධන මිල වැඩි කලේ ජනාධිපති හා අගමැතියි.. අස්වෙන්න කියන්නේ ඔවුන්ටයි…- ගම්මන්පිල පොහොට්ටු ලේකම්ට ප‍්‍රසිද්ධ අභියෝගයක් කෙරේ..

ඉන්ධන මිල වැඩි කරන තීන්දුව ගන්නා ලද්දේ ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කමිටුවක තීරණයක් අනුව බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

තමන් විසින් සිදු කළේ ජනාදිපති හා අගමැතිගේ තීරණයක් අනුව සිදු කල මිල වැඩි කිරිම පත්කිරීම පමණක් යැයිද ඔහු කියා සිටියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලිඛිතව දැනුම් දීමක් ඒ සම්බන්ධයෙන් කර තිබූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්ධන මිල වැඩි කරන ලෙස දැනුම් දී තිබූ බවද ඔහු පැවසීය.

තමන් හේතුවෙන් ඉන්ධන මිල වැඩි කලේ නම් ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි රැගෙන තමන් සමග විවාදයකට පැමිණෙන ලෙස ඔහු මාධ්‍ය හමුවක් අමතමින් ඉල්ලා සිටියේය.

තම නායකයා වන මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියෝගයක් මෙසේ අභියෝගයට ලක් කලේ කෙසේදැයි පරීක්‍ෂණයක් කල යුතු බවත් ඒ මහතා එහිදී පැවසීය.

සාගර කාරියවසම් නම් ප‍්‍රාණියෙක් මේ මහ පොලොවේ ජීවත් වන බව තමන්ද මීට වසර 05කට පමණ පෙර දැන සිටියේ නැතැයිද පැවසූ ඇමතිවරයා අද ඒ ප‍්‍රාණියා මහින්ද රාජපක්‍ෂ නම් චරිතයට අභියෝග කරන තැනට පත් වූයේ කෙසේදැයි ඔහු මවිතය පල කලේය.

මහ ලේකම්වරයා විසින් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පින්තූරය භාවිත කරමින් මහින්ද රාජපක්‍ෂ මහතාටම විරුද්දව ලිපියක් ලියා ඇතැයිද කී ඇමතිවරයා මෙම නිවේදනය ගැන ජනාදිපති හෝ අගමැති පවා කිසිදු දැනුවත් වීමක් නැතැයිද පැවසීය.

එමෙන්ම නිවේදනය නිකුත් කිරිම සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු එකගතාවයක් නොතිබූ බවත් එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව හෝ ඉදිරිපෙල කිසිවෙකු හෝ දැනුවත් කර නැති බවත් කී ගම්මන්පිල මහතා මේ ගැන ඇමතිවරුන් කිහිප දෙනෙකුම තමන් අමතා දැන්වූ බවත් පැවසීය.

මෙම සිදුවීම පසුපස බැසිල් රාජපක්‍ෂ මහතා සිටින්නේදැයි මාධ්‍ය කල විමසීමේදී ඇමතිවරයා සදහන් කලේ තමන් පසුපසනම් බැසිල් රාජපක්‍ෂ මහතා නැති බවත් සාගර කාරියවසම් පසුපස මහතා බැසිල් රාජපක්‍ෂ මහතා සිටින්නේදැයි දන්නේ ඔහුම බවත්ය.

මහින්ද රජපක්‍ෂ මහතාට පහර දීමට උවමනා කිසිවෙකු සෘජුව ඔහුට පහර නොදී ඔහුගේ තීන්දු වලට හා ඔහු සැබෑ ලෙසම රකින්නන්ට පහර දෙන්නේ කවුදැයි සොයා හෙලිදරවු කර ගැනිම ජාතික උවමනාවක් යයිද ඔහු එහිදී තව දුරටත් අවධාරණය කලේය.

60,174 views

37 Comments to “ඉන්ධන මිල වැඩි කලේ ජනාධිපති හා අගමැතියි.. අස්වෙන්න කියන්නේ ඔවුන්ටයි…- ගම්මන්පිල පොහොට්ටු ලේකම්ට ප‍්‍රසිද්ධ අභියෝගයක් කෙරේ..”

  1. Lol says:

    If president or prime minister takes decision on matters you don’t need to be there
    You must resign and allow them to carry on

  2. pvision says:

    Everyone is passing the ball to each other. if it is going to hurt people , then WHY don’t the government withdraw the decision and put it back to earlier prices. attempting to fool general public .
    big drama players.useless idiots.

Main News