ඉන්ධන මිල වැඩි කල හේතුව මෙන්න..- මුදල් රාජ්‍ය ඇමති හෙලි කරයි…

June 13, 2021 at 10:40 am | lanka C news
ඉන්ධන මිල වැඩි කල හේතුව මෙන්න..- මුදල් රාජ්‍ය ඇමති හෙලි කරයි…

ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළේ මෙරට මූල්‍ය ස්ථාවරය වෙත බලපෑමක් ඇතිවීම වැළැක්වීමට යැයි මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

ඉදිරියේ ඇති අවදානම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට පෙන්වා දීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බවද ඒ මහතා පැවසීය.

කෙසේ වුවද දැනට ද ලොව බොහෝ රටවල ඉන්ධන මිල ඇත්තේ ශ්‍රී ලංකාවට වඩා ඉහළ තැනක යයිද ඒ මහතා සඳහන් කළේය.

ලෝකයේ බොරතෙල් මිල පහළ ගිය හොත් එම මුදල මිල ස්ථායිකරණ අරමුදලකට බැර කළ හැකි බවට මහ බැංකුව නිර්දේශ කර ඇති බවද පැවසූ ඔහු මිල ස්ථායිකරණ සඳහා විශේෂ අරමුදලක් ඉදිරියේදී පිහිටුවන බවද ඔහු කියා සිටියේය.

තෙල් සංස්ථාව ලබා ඇති පාඩුව ප්‍රධාන බැංකු දෙක හරහා ශ්‍රී ලංකා මහ බැංකුවට ද බලපෑම් ඇති කර තිබෙන බවද කී මුදල් රාජ්‍ය ඇමැති වරයා එය රටේ ණය අනුපාතයට ද බරපතළ ලෙස බලපානු ඇතැයිද කියා සිටියේය.

30,188 views

24 Comments to “ඉන්ධන මිල වැඩි කල හේතුව මෙන්න..- මුදල් රාජ්‍ය ඇමති හෙලි කරයි…”

  1. විශාළ කොමිස්මුදල් නිසාවෙන්ද වියහැකියි..! says:

    රටට ආදරයකරන වගකිවයුතු බුද්ධිමතුන්ගේ අවධානයට..!
    පහුගියකාළයේ තෙල් නිශ්පාදිත රටවල ගබඩා පහසුකම් සම්පුර්ණයෙන් පිරඉතිරී ගිය නිසාවෙන් යම්ක්සි තෙල්ප්‍රමාණයක් ගබඩාකරගැනිමසඳහා මිලදීගන්නා පාරීභොගිකයන්ට නොහොත් සමාගම් සහ රාඡ්‍යයන් සඳහා විශාළ ගෙවීමක්ද සිදුකරන ලදී මෙම අවස්ථාවෙන් ප්‍රයෝඡන ගන්නාලද සියලුම යුරෝපියානු ඇතුඵ බොහෝ රටවල් අවුරැදු දහය පහලොවට සරිලනපරිදි බොරතෙල් ගබඩා කරගන්නා ලදී ඇතැම් රටවල්වල අවුරැදු පනහකට සරිලන සංචිතද ඇතිබව වාර්ථාවේ..! අවධානයට……..! මෙවැනි අධිසංචිත රැස්කරගන්නාලද රටවල් විසින්., වංචනික දේශපාළුවන් සිටින ” ශ්‍රීලංකාව වැනි රටවල්වලට” දූශිත දේශපාළුවන් හරහා කොමිස්මුදල් ලබාදෙමින් ඉතා අධික මුදලට විවිධ හේතු කාරණා ඉදිරිපත් කරමින් තෙල් වෙළදාම් කරන බව තොරතුරැ ලැබෙමින් පවතී…! පවතින රඡය” මහින්දරාඡපකෂගේ දූශිත මැදිහත්වීම” සමඟ ත්‍රීමළය වරාය සහ තෙල්ටැංකි නිදහස්කරගැනීමට කටයුතු නොකරන්නේ මෙම විශාළ කොමිස්මුදල් නිසාවෙන්ද වියහැකියි..! රටට ආදරයකරන වගකිවයුතු බුද්ධිමතුන්ගේ අවධානයට..!

Main News