ඉන්ධන මිල වැඩි කිරීම මමයි ඉස්සෙල්ලම කියන්නේ..

October 22, 2021 at 3:00 pm | lanka C news
ඉන්ධන මිල වැඩි කිරීම මමයි ඉස්සෙල්ලම කියන්නේ..

ඉන්ධන හිඟයක් ඇති වන බවට විපක්‍්‍ය හා විපක්ෂයේ සහාය ලබන වෘත්තිය සමිති ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඉන්ධන හිගයක් හෝ මිල ඉහළ යාමක් සිදු කරන්නේ නම් පළමුවෙන්ම රටට ඒ බව දැනුම් දෙන්නේ තමන් බව ද ඒ මහතා පැවසීය.

මීට පෙර ද රටේ විදේශ විනිමයක් අර්බුදය ඇතිවන බව මුලින් ම හෙළි කළේ ද ඉන්ධන මිල වැඩි කිරීමට පෙර ඒ ගැන ජනතාවට ඉදිරියට විත් පළමුවෙන්ම පැවසුවේ ද තමන් බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව ජනතාව විපක්ෂයේ ප්‍රචාරයන් වලට රැවටී පෝලිම්වල සිටීමට අවශ්‍ය නොවන බව ද ඔහු පවසයි.

දැනට ඉන්ධන මිල වැඩි කිරීමක් සිදුනොවන බවත් ඒ සඳහා විකල්පයක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් කීය.

22,006 views

7 Comments to “ඉන්ධන මිල වැඩි කිරීම මමයි ඉස්සෙල්ලම කියන්නේ..”

  1. 3% ට බය බයියා. says:

    පොඩ්ඩක් වේලාසනින් කියන 69 ලක්ෂයට කිරිබත් උයාගෙන කන්න .

  2. A Sri Lankan says:

    Stop the Drama.

    Introduce the Pricing Formula with a quarterly or half yearly review.

  3. Dushmantha Priyath Liyanage says:

    බයිල එපා මහත්මයා. එතකොට අයි.ඕ.සී. ඉන්ධන මිළ වැඩිකරේ අද මඪ්‍යම රාත්‍රියේ පටන් කියලා ඒගොල්ල කීවේ ඔබතුමා කියන්නත් කලින්. ඇත්තටම දැන් ආණ්ඩුව කියන්නේ විහිළුකාරයෝ ඉන්න තැනක් වෙලා.

  4. Jude perera says:

    Wadi wena eka kiyanna pambayatath puluwan

  5. Dayan says:

    ඔන්න ඕන්න ඉතින් ඒක කියන්නත් උබලා පොරකනවා, එකෙක් නිවිහැනහිල්ලෙ කියහං මොකද හංදියේ කිරිබත් කන්න කිරිබත් හදන්න ඕනා.. 🤣 69ලස්සෙට

  6. අන්නා කොරොස් says:

    රැපියල් 05 කින් වැඩි උනා කියල මෙ බුරැව දන්නෙ නැතිද?

  7. Gon athal says:

    Balapan joka andalada kiyala..😝