ඉන්ධන මිල වැඩි නොකලානම් හොදයි..- නාමල්…# මිල වැඩිකල කමිටුවට නාමල්ද ආවා..- ගම්මන්පිල

June 14, 2021 at 11:20 am | lanka C news
ඉන්ධන මිල වැඩි නොකලානම් හොදයි..- නාමල්…# මිල වැඩිකල කමිටුවට නාමල්ද ආවා..- ගම්මන්පිල

ඉන්ධන මිල මේ අවස්ථාවේදී වැඩි නොකර සිටියේ නම් වඩා සුදුසු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙම තීන්දුව ගැනීමට මැදිහත්වී ඇත්තේ මුදල් අමාත්‍යාංශය සහ එහි නිලධාරීන් සාකච්ඡා කිරීමෙන් පසුව බවද ඔහු පැවසීය.

නමුත් එය එසේ නොවුනා නම් වඩා සුදුසු බවත් ඒ ගැන ඉදිරි කාලයේදී ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර යම්කිසි තීරණයක් ගනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඊයේ දිනයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ඉන්ධන මිල වැඩි කිරීම සඳහා රැස් වූ ජීවන වියදම් කමිටුව සාකච්ඡාව සදහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සහභාගි වූ බවයි.

කමිටු සාමාජිකයන් සියලු දෙනාම ගේම එකගත්වයෙන් ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

48,777 views

26 Comments to “ඉන්ධන මිල වැඩි නොකලානම් හොදයි..- නාමල්…# මිල වැඩිකල කමිටුවට නාමල්ද ආවා..- ගම්මන්පිල”

  1. kawinda says:

    wenda agamethita mehema amathaka wenna behene.

    • ගෙම්බන් පිලේ says:

      කැතයි ඩො වැඩේ. එකට මිටීමේ ඉඳලා දැන් මට අරින්න හදනවා නේ… ඇයි අර ලොල්ලා වගේ අපිව කපල ලකුණු දාගන්න ද හදන්නේ. ඒවා කොහෙද අපිත් ඉන්නේ මේ ආණ්ඩුවේ.

  2. දුස්රා says:

    ඉන්දියාවේවත් නැති Lock-down මෙහේ දාගෙන ඉන්නේ කොරෝනා‌වෙන් ජනතාව බේරගන්නද – එහෙම නැත්නම් උද්ඝෝෂණ,විරෝධතා වලට කොළඹට රැස්වන්නට ඉඩ ඇති ජනතාවගෙන්,ගොවියන්ගෙන් තමන් බේරෙන්නද යන බලවත් සාධරණ සැකය දැන් මතු වෙමින් ඇත.

    • Dirty Harry says:

      Lockdown ඇරියොත් Knockdown

      • John the baptice says:

        රටේ අගමැති ,ජනපති වෙන්න සිහින මවන නාමල්ගේ දේශපාලන propaganda වලට ජනතාව රැවටිය හැකිද ? පවුල් පාලනය වෙනස් කල යුතුයි අපේ රට විනාශකරන /කරපු පවුල් පාලනය සදහටම දේශපාලනයෙන් ඉවත් කල යුතුයි …ප්‍රේමදාස ,හොරගොල්ලේ පවුල් පාලනය එයට හොදම උදාහරණයකි

      • රාගම වීරමුනිද සොයිසා says:

        ක්නොක්ඩවුන් නෙමේ ඇපත් නැහැ වහලා තියපු දවස් ටිකට ඇරපු අරිල්ලට. ක්‍රැහැහ්හ් තුහ් තු හ්හ්

  3. thushari says:

    ඉන්ධන මිල මේ අවස්ථාවේදී වැඩි නොකර සිටියේ නම් වඩා සුදුසු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.-

    මෙහෙමත් අනා ගැනීමක් !!!!!!!!!!! දැන් මිනිස්සු comedy බලන්න වෙන කොහෙවත් යන්නේ නැ , ශ්‍රී ලන්කන් news තමා බලන්නේ .අපේ රටට දෙවි පිහිටයි

    • cobra says:

      නාමල් හිතන්නේ ඔහු රටේ ලොක්කා කියලා ..පවුලේ බලේ පෙන්වනවා

  4. රටවැසි says:

    දැං ඉතිං බෝල සෙල්ලං කොලා මදැයි .

  5. දිලා says:

    දැන් ඉතින් දේශපාලන කාරයන්ට එක එක නාට්‍ය පෙන්නලා මිනිස්සු රවට්ටන කාලේ ඉවරයි. කොහොම​ත් 2015 න් පස්සේ දැන් ආච්චිලටත් ඉක්මන්ට තොරතුරු ආරන්චි වෙනවා අන්තර් ජාලය නි​සා. ඒක නිසා හොද ළමයි වගේ රටට වැඩ දායී තීරණ ගන්න. නැත්නම් තව ඉස්සරහට යන කොට රෙදි නැතුව දුවන්න වෙන්නේ…

  6. saman says:

    නාමල් මැතිතුමා කියන කතාව හරි. වැඩි නොකලනම් හොදයි. වැඩි කරපු එක හරිද වැරදිද කියලා එතුමා කියන්නේ නෑ.

  7. techno vision says:

    NAMAL OYA PRESS CONFERNENCE TIYANNA EPA – ARA UGATHUN INNAWAGE INNA

  8. රත්තරං says:

    ගිලුනු නැවේ තෙල් ටික උස්සලා හරි තෙල් මිල අඩු කරන්න තිබුනා..

  9. Kuma says:

    අපේ නාමල් සර් ….බය නැතුව ම්නිිස්සු අතරට ගිහින් වැඩ කරන්නෙ සිංහයෙක් වගේ…..හරිනං ගොටාභය ජනාදිපති අයින් වෙලා නාමල් මැතිතුමාට ජනාධිපති කම දෙන්න ඕනේ… එතකොට තරුණ ජවයෙන් හිතලා නාමල් සර් මේ කොවිඩ් නැතිකරන්න ක්‍රමයක් හොයාගනී….එතකොට ලංකාවේ කොවිඩ් ඉවර කරලා නාමල් සර් රට සංවර්ධනය කරයි…හැමපැත්තෙන්ම..හිතද්දිත් සතුටක්….දුන්නු චන්දෙට අපමන අගයක්…ජයවේවා නාමල් සර්

  10. Kgs basnayake says:

    Namal rilawo umba sports minister neda?
    Umbage pawula balawath nisada hama pukatama angili gahanne. Deepu wade karapan go buruwo!!

Main News