ඉන්ධන මිල සුත‍්‍රයක් අත්‍යවශ්‍යයි.. නැතොත් රාජ්‍ය බැංකු අවධානමේ..- මහ බැංකුව

November 12, 2021 at 10:40 am | lanka C news
ඉන්ධන මිල සුත‍්‍රයක් අත්‍යවශ්‍යයි.. නැතොත් රාජ්‍ය බැංකු අවධානමේ..- මහ බැංකුව

රාජ්‍ය බැංකු පද්ධතියේ ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්ධන මිල සූත්‍රයක් අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මිල ගණන් ඉහළ යාම අනුව සහ ඉදිරි කාල සීමාවේද මෙම තත්වය තව දුරටත් ඉහල යනු ඇතැයි පුරෝකතන හේතුවෙන් ඉන්ධන අර්බුදය විසඳීමට මිල සංශෝධන පමණක් ප්‍රමාණවත් නැතැයි ද මහ බැංකුව කියා සිටියි.

මහ බැංකුව මේ බව කියා සිටින්නේ මෑතකාලීන ආර්ථික ප්‍රවණතා නමින් නිකුත් කරන ලද නවතම වාර්තාව ඔස්සේය.

මිල සූත්‍රය හරහා ඉන්ධන මිල නියම කිරීම මගින් ඉන්ධන මිල ගණන් පිළිබඳව ජනතාව තුළ පවතින පිළිගැනීම වැඩි දියුණු කළ හැකි බවත් ක්‍රියාවලිය විනිවිදභාවයකින් පවත්වාගෙන යා හැකි බවත් මහ බැංකුව පෙන්වා දෙයි.

එමෙන්ම ලෝක වෙළඳපොලේ මිල පහල වැටීමේ ප්‍රතිලාභ පාරිභෝගිකයාට ක්ෂණිකව ලබා ගැනීමට හැකිවනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන්ය.

27,735 views

14 Comments to “ඉන්ධන මිල සුත‍්‍රයක් අත්‍යවශ්‍යයි.. නැතොත් රාජ්‍ය බැංකු අවධානමේ..- මහ බැංකුව”

  1. හෙජින් says:

    ආයෙත් හෙජින් වංචාවක් කරපන්…කබ්බෝ…

  2. Arabiya says:

    මීට ප්‍රථම මිල සුත්‍රයක් ඉදිරිපත් කල අවස්ථාවේ දැනට ආණ්ඩුවේ සිටින සියලු අය කෑ මොර දෙමින් වේදිකාවක් වේදිකාවක් පසා එය විවේචනය කරන ලදී. ශ්‍රී ලංකාව වැනි රටකට මිල සුත්‍රය අත්‍යාවශය. මේ රටේ සිටින බහුතරයක් දේශපාලකයන්ගේ සුරඟන කතා වලට රැවටී රට අගාදයට ඇද දමමින් සිටී. මොලයක් ඇති මිනිහෙක් යමක් කී විට එය තේරුම් ගැනීමට නොහැකි වීම සහ බොරු කාරයන්ට සහ හොරුන්ට රැවටීමේ ප්‍රතිපල නුදුරේදී අත් විදීමට සිදුවනු ඇත….අහෝ අපගේ මෙළඟ පරම්පරා!!!!!!!

    • මරා says:

      දැන් අහන්න තියෙන්නෙ මහ බැංකුවෙන්ම මිල සූත්‍රයක් එනවානම් ඕක කරන්න ජනාධිපති කෙනෙක් ඕනෙද කියල තමයි…..අයියෝ ස ආයෙත් ෆේල් ද…..

    • Janaka from Matara says:

      ඒ අබුද්දස්ස කාලේ හැටි මහත්මයා.

  3. බිංකුණ්ඩා says:

    ඒ කාලෙ කරපු දේවල් මෙයාල පට්ට පතුරු ගැහුවනෙ. දැන් තේරෙනව නේද ඒ කාලෙ කරපු හරියි කියල. වැරදුනෙ අපිටමයි.

  4. ඔප්පු says:

    යහපාලනය සිදුකල ක්‍රියා එකින් එක නිවරයි යයි මෙම රජය ඔප්පුකරමින් සිටි. 19 වන සංශ්ධනය. මිල සුත්‍රය, ටැබ් පරිඝනක, සුව සැරිය, මහා බැංකු හොරු ඇල්ලුවේ නැත්තං එකත් හරි කියලා තමයි මෙගොලන් ඔප්පුකරණේ.

  5. LalithM says:

    එතකොට රනිල්ගේ මිල සූත්‍රය හරි. ස ආයිමත් ෆේල්. මේ පාර මහ බැංකුවම කියනවා.

  6. Susantha says:

    බයියන්ව මෙහෙමත් අපහසුතාවයට පත්කරන්ඩ එපා හලෝ… මිල සූත්තරය පට්ට ගහලා නේද ආන්ඩු බලය ගත්තේ?, දැන් ඒක හොඳ වුනේ කොහොමද?, අඩුවෙනකොට අඩුනම් කොරයි මේ හැත්ත මේන් කියලා

  7. New Pen says:

    End Of The ” Dole Banana Republic “

  8. චංද රේ says:

    අංතීමට කෝචොක් කොරාපු එව්වා ම පොරෝජනේ ට එනවා වාගෙයි . හුම් හුම් ඔහොම යං .

  9. dev says:

    ow therena fomula ekek danna.

    f1+f2 wage natuwa.

  10. සනත් ඉතාලිය says:

    B1+b2+ b3+ b4 = (..)+10%

Main News