ඉන්ධන මිල සූත‍්‍රයක් සකසා නෑ.. මිල වැඩි කරනවා පමණයි..- ප‍්‍රකට විද්වතෙක් අභියෝග කරයි..

September 9, 2018 at 12:00 pm | lanka C news
ඉන්ධන මිල සූත‍්‍රයක් සකසා නෑ.. මිල වැඩි කරනවා පමණයි..- ප‍්‍රකට විද්වතෙක් අභියෝග කරයි..

ලෝක වෙලදපලේ බොරතෙල් මිල අනුව මෙරට ඉන්ධන මිල තිරණය වීමට සූත‍්‍රයක් සකසා ඇතියි රජය කීවද එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආචාර්ය ප්‍රේමලාල් ද සිල්වා මහතා සදහන් කරයි.

කොළඹ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඉන්ධන මිල සංශෝධනයට රජය සතුව කිසිදු මිල සූත‍්‍රයක් නැති බවයි.

මිල සූත්‍රය අනුව යයි කියමින් රජය ඉන්ධන මිල සංශෝධනය කල ආකාරය දෙස බැලීමේදී මිල සූත්‍රයක් නැති බව ඉතාම හොදින් තහවුරු වන්නේ යයිද ඔහු කියා සිටී.

මිල සූත්‍රයක් තිබේ නම් එය ඉදිරිපත් කරන ලෙස අභියෝග කරන ඔහු මිල සූත්‍රය ප‍්‍රසිද්ධ කලහොත් තමා ඉගැන්වීමෙන් ඉවත් වන්නේ යයිද කියා සිටී.

33 views
Main News