ඉන්ධන මිල සූත්‍රය අනුමතයි.. මාස තුනකට වරක් ඉන්ධන මිල සංශෝධනය කෙරේ..
June 28, 2018 at 3:50 pm | lanka C news
ලෝක වෙලද පලේ බොරතෙල් මිල ගණන්වලට සමාන්තරව මෙරට ඛනිජ තෙල් මිල තීරණය වීම සදහා වන මිල ක්‍රමයක් හදුන්වාදීමට රජය කටයුතු කර ඇත.
ඒ අනුව ඒ සදහා මහා භාණ්ඩාගාරය හා ඛනිජ තෙල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් යුතු කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එමගින් සෑම තුන් මසකට වරක්ම එළැඹෙන 5 වන දිනදී පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් සංශෝධනය කිරීමට නියමිතය.
ලෝක වෙළද පලේ මිල ගණන් අඩු වන විට මෙරට ඉන්ධන මිල අඩු වීමත් බොරතෙල් මිල වැඩිවෙද්දී මෙරට ඉන්ධන මිල වැඩි වීමත් එමගින් බලාපොරොත්තු වෙයි.