ඉන්ධන මුල සුත්‍රය සම්පුර්ණයෙන් වැරදියි.. සුත්‍රයක ලක්ෂණ කිසිවක් එහි නෑ…- සුපතල මහාචාර්යවරයා කියයි..
October 20, 2018 at 12:01 am | lanka C news
ඉන්ධන මිල සූත්‍රයක් යයි කියමින් මුදල් ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ සූත්‍රයක ගුණාංගයක් පෙන්නුම් නොකරන්නක් බව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.
තමන් එය දකින්නෙ මිල සුත්‍රයක් නොන මිල ගණනය කිරීමක් පමණක් ලෙස බවද ඔහු පෙන්වාදෙයි.
එළිදක්වා ඇත්තේ සරල ගණනය කිරීමක් මිස එහි කිසිම ශ්‍රිතීය ගණනය කිරීමක් නැතැයිද ඔහු අවධාරනය කරයි.
සූත්‍රය කියන්නෙ යම් පිළිතුරක් කරා එළඹෙන පියවරවල්. එය සරල එකතු කිරීම හෝ අවකලන සමීකරණ වැනි සංකීර්ණ ගනනයන් විය හැකිය.
එනමුත් රටෙහි ජනතාවට කෙලින්ම බලපාන මෙවැනි දෙයක් ඉදිරිපත් කරන බොලඳ අාකාරය අනුමත කළ නොහැකියි.