ඉන්ධන ලීටරයක් රුපියල් සියයකින් (100) ඉහල දැමීමට යෝජනා කෙරේ..

February 25, 2017 at 10:35 pm | lanka C news
ඉන්ධන ලීටරයක් රුපියල් සියයකින් (100) ඉහල දැමීමට යෝජනා කෙරේ..

වත්මන් ආර්ථික අර්බුදයෙන් යම් තරමකට හෝ ගොඩ ඒමට නම් ඉන්ධන ලීටරයක් රුපියල් සියයකින් ඉහල දමන ලෙස මුදල් අමාත්‍යංශයේ ඉහල නිලධාරියෙන් විසින් යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

නව රජය බලයට පත් වූ විගස ඉන්ධන මිල අඩු කිරීමටත්, රජයේ සේවක දීමනාව ලබා දීමටත් වූ මැතිවරණ පොරොන්දුව කල හැකි යයි එකල රජයට සහතික කර සදහන් කර ඇත්තේ අදාල යෝජනාව කර ඇති නිලධාරියාම බවද පැවසෙයි.

ඉන්ධන ලීටරය රුපියල් සියයකින් ඉහල දැමීමේ යෝජනාව ඉදිරිපත් වූ සැණින්ම අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම දේශපාලන අධිකාරියෙන්ද දැඩි දෝෂාරෝපණ එල්ල වී ඇත.

කෙසේ වෙතත් එම යෝජනාව ඉවත දමා නැති බවද වාර්තා වෙයි.

101 views
Main News