පෙට්රල් අවසන් වීමෙන් දැඩි නොසන්සුන් තත්ත්වයක්… ජනතාව පාරවල් වසා දමති..
July 4, 2022 at 4:40 pm | lanka C news
හැටන් නගරයේ පිහිටි අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලේ (04) දින උදැසන සිට පෙට්රල් ඉන්ධන නිකුත් කර අවසන් කිරිමෙන් පසු ඉන්ධන ලබාගැනිමේ අපෙක්ෂාවෙන් පොලිම් වල රැදි සිට ඉන්ධන ලබාගැනිමට නොහැකි වු පාරිභෝගිකයන් විශාල පිරිසක් නොසන්සුකාරි ලෙස හැසිරි හැටන් නගරයේ පැති විදිය පස්වරු 2 සිට 3 දක්වා වසා දැමිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල විය.
එම ඉන්ධන පිරවුම්හලට (04) දින පෙට්රල් ලිටර් 6600 ක් ලැබි තිබු අතර,එම ඉන්ධන හැටන් නගරයේ කුලි පදනම මත ධාවනය කරන ත්රිරෝද රථ වලට ප්රමුඛතාවය මත නිකුත් කිරිම නිසා දින ගණනාවක් පොලිම් වල රැදි සිටි තමන්ට ඉන්ධන ලබාගැනිමට නොහැකි වු බව පවසමින් පිරිසක් හැටන් පොලිස් නිලධාරින් සමග උණුසුම් තත්ත්වයක් ඇති කර ගැනිමෙන් පසු එම පිරිස හැටන් නගරයේ පැති විදිය වසා දැමිමට කටයුතු කෙරිණ.
පසුව එම පිරිස හැටන් පොලිසියේ නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ ප්රමුඛතාවය මත කිසිවෙකුට ඉන්ධන නිකුත් නොකරන ලෙසත්, පොලිම් වල රැදි සිටින ආකාරයට ඉන්ධන ලබාදිමට ඉදිරියේදි පියවර ගන්නේ නම් තමන් උද්ඝෝෂණය අත්හරින බවයි.
ඒ අනුව හැටන් පොලිසියේ නිලධාරින් එම පිරිස හමුවේ කියා සිටියේ හැටන් නගරයේ ත්රිරෝද රථ සංගම් නිලධාරින් සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවයි.
එම ප්රකාශයත් සමග උද්ඝෝෂණය තාවකාලිකව අත්හැරිමට ඉන්ධන ලබා ගැනිමට නොහැකි වු පිරිස කටයුතු කලහ.
– රංජිත් රාජපක්ෂ
කන්න නැතත් තෙල් නම් ඕනමයි.
අපේ රටේ හම්බ වෙන්නෙ නෑති. අල්ලපු රටකවත් හම්බ වෙන් නෙ නෑති තෙලකට අපේ රටේ මිනිස්සු හුරු වෙලා තියන හෑටි. එක පාරට මේ ලෝකෙ තෙල් ඉවර උනොත් හරි මේ වගේ පොඩි රටවල් වලට තෙල් දෙන එක නෑවෑත්තුවොත් හරි මොනව්යින් මොනවා වෙයිද කියලා හිතා ගන්ඩත් බෑ.
රජයට කරන්න පුළුවන් එකම දේ රට කරන්න පුළුවන් අයට රජය බාරදී සතුටින් නික්මයාමයි