ඉන්ධන, විදුලිය, ගෑස්, ජලය මිල තවත් වැඩි කරන්නැයි මහ බැංකුව දන්වයි…

May 20, 2022 at 9:20 am | lanka C news
ඉන්ධන, විදුලිය, ගෑස්, ජලය මිල තවත් වැඩි කරන්නැයි මහ බැංකුව දන්වයි…

ඉන්ධන විදුලිය ගෑස් ජලය මිල ගනන් ඉදිරියේදී තවදුරටත් ඉහළ දැමීමට මහබැංකුව විසින් නිර්දේශ කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

පරිභෝජන භාණ්ඩ හා සේවා පවත්වාගෙන යනු ලබන ආයතන පාඩු ලැබීම නිසා එවන් නිර්දේශයක් කරන්ට සිදු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ බදු ආදායමක් පහළ මට්ටමක පවතින බවද පැවසූ ඔහු රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවිමට යම් අර්බුදයක් ඇත්නම් සිදුකළ යුත්තේ රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම බවද පැවසීය.

94,259 views

22 Comments to “ඉන්ධන, විදුලිය, ගෑස්, ජලය මිල තවත් වැඩි කරන්නැයි මහ බැංකුව දන්වයි…”

  1. NuwanJ says:

    අපි හිතුවෙ ආණ්ඩුව වෙ ඔලු ටික මාරැවෙකොට රට නියම තැනට එයි කියලා
    ඇයි එහෙමන කිවිවෙ

  2. මහජනයා says:

    මහබැංකු අධිපති කරුණාකර මහපොලොවට බහින්න, අධික භාන්ඩ මිල උද්දමනය නිසා මිනිස්සුන්ට තුන්වේල කන්න බැරි තත්වයක් තියෙන්නේ,වැටුප වැඩිවීමක් නෑ,ඔයාල වගේ මිනිස්සු සල්ලි අච්චු ගහන්නෙ නෑ, වෙන රටවල ආහාර වලට බදු ගහන්නේ නෑ, ඉහල ව්‍යාපාරික ගජ මිතුරන්ට කපා හැරපු බදු මුදල් නැවත අයකරගන්න.

  3. අපි තමයි එළටම කළේ says:

    අලේ Alapaluwa මල්ලියේ ඉල්ල තැලකිල් වරෙල් මල්ලියෙ.
    උඹ මෙතල උදේ හවා වැළලි වැළලි කිවු නිසා අපිත් චල්දෙ දුල්ල මල්ලියෙ. දිල්ල හැටියෙ නල් සාඩිල් පරිප්පු ලාබෙට කෑව මල්ලියෙ. ඒකට ලල් තැල්කිව්.
    අලේ මල්ලියෙ ඉල්ල තැලකිල් හනිකට ඇවිත් උඹේ AI දාපු ඔරකල් ලොක්කට හරි මග වරදිච්චි වියතෙක්ට හරි කියල කෑම බඩු මිළ අඩු කරලා දියල් මල්ලියෙ. ඉන්ධන, විදුලිය, ගෑස් පස්සෙ බලල්ල බැරිය මල්ලියෙ. කල්ල බඩු ටික අඩු කරල දියල් මල්ලියෙ.

    අපි තමයි එළටම කළේ
    Alapaluwaගේ ලබ්ba එළියේ!

  4. මහින්ද රාජපක්ෂ says:

    සාමාන්‍ය ජනතාවට බලපෑමක් වෙන්නේ නැති විදියට බදු අයකරන්න . Octane 95 petrol ලීටරයක මිල සහ Super Diesel ලීටරයක මිල දෙගුණයකින් විතර වැඩි කරලා පාඩුව පිරිමහගන්න . 92, auto diesel මිල වැඩිකරන්නේ නැතුව . රටේ පොහොසත්ම 20% කගේ විතර බදු වැඩිකරන්න . ඒවගෙන් ඉතුරු 80% ට සහනයක් සලසන්න . සහන සලසන්න ඕනේ නෑ , දැන් තියෙන ගානට වඩා තෙල් වල ආහාර වල, විදුලි බිල්වල ගණන් වැඩි කිරීමෙන් වලකින්න . පාඩුවක් වෙනවනං අර කියපු විදියට එක පිරිමහගන්න .

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලු දේශපාලකයන්ගේ වරප්‍රසාද උපරිමයෙන් අඩු කර රජයේ වියදම් පිරිමහගන්න . රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන වරප්‍රසාද දීමනා permits උපරිමයෙන් කප්පාදු කරන්න, පුළුවන් නම් නැතිම කරලා දාන්න . රජයේ වියදම් පිරිමහගන්න සාමාන්‍ය ජනතාවට තවදුරටත් බරක් වෙන්නෙ නැතිව . ප්‍රයෝජනයක් නැති රාජ්‍ය සේවකයන් ඉවත් කරන්න .

    පුළුවන් තරම් මිනිසුන් කුඹුරු වලට බස්සන්න , පුරන් වෙච්ච කුඹුරු අතැරලා දාල තියෙන ඉඩම් ඔක්කොම වගා කිරීම වහාම අරඹන්න .රටටම විනයක් වෙලා තියෙන “ඉගෙන ගනින් නැත්නං කුඹුරු කොටන්න වෙයි ” කියන කාලකන්නි සංකල්පය අතුගාල දාන්න කාලය හරි