ඉන්ධන, විදුලි, ගෑස් පොලිම් අවසන් කරන්න අගමැති රනිල්ගේ සැලසුම් මෙන්න..

May 12, 2022 at 10:02 pm | lanka C news
ඉන්ධන, විදුලි, ගෑස් පොලිම් අවසන් කරන්න අගමැති රනිල්ගේ සැලසුම් මෙන්න..

එළඹෙන මාස කිහිපයේදීද පවතින අර්බුදකාරී තත්වය තවත් දරුණු වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසු පළමු වතාවට මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම ආර්ථික පීඩාව නිසා ජනතාවක් අමාරුවෙන් ජීවත් වන ඉන් ඔවුන් ගොඩ ගත යුතු නිසා අගමැති ධුරය තමන් බාර ගත් බවත් හෙතෙම සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් රටවල් සමඟ සාකච්ඡා කර ඒවායේ සහයෝගය තමන් ලබා ගන්නා බවත් ඔහු පැවසීය.

නැවතත් තුන්වේල කන රටක්, රුපියලට වටිනාකමක්, තරුණයන්ට අනාගතයක් ලබා දෙන බවත් හෙතෙම සඳහන් කළේය.

ඉදිරියේදී ඉන්ධන, ගෑස් හිගය අවසන් කරන බවත් විදුලි කප්පාදුව නතර කරන බවත් පැවසූ ඔහු ඒ සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම සහයෝගය ලබාගන්නා බවද කියා සිටියේය.

186,431 views

24 Comments to “ඉන්ධන, විදුලි, ගෑස් පොලිම් අවසන් කරන්න අගමැති රනිල්ගේ සැලසුම් මෙන්න..”

  1. D.Nimal says:

    By and large supply in Gas and fossiel Fule is not that A BIG Job which undertaken by People rejects of that Ranil Wicks of UNP lost leadership.
    We are in differnt political economic and Social crisis an Island nation last 74 yeras of Misrule & Mideeds of all govering POLITICAL parties including UNP of that Ranil as leaders.
    We have to seek New path of development of non-Capitalist paath and shape of Market Economy ,it is not that socilaism ….@ If you do not learn lessons from the Past undervlopment of capitalism the way of ours development of 74 yeras that we will has face faith AGAIN as past . READ CAPITALISM BY YOUR SELF

  2. අතුල says:

    ඔහොම කී විතරයි
    දෙනෙක් දැන් ආවද ? කබ්රාල් ආව මොළ 7 ආව මහබැංකු අදිපති ආව යකෝ මොකා ආවත් සේරම එන්නෙ රට අගාදයට දාපු උන්ගේ පදේට නටන වුන් මිස රටේ දැවෙන ජනතාව විඳින දුක දන්න ඒවාට විසඳුම් ඇති දැක්මක් ඇති එනවද ? මහ බැංකුව මංකොල්ල කාපු එකා දැන් හොඳයිද රට මෙච්චර අගාදයට ගියේ ඕකා එදා කරපු විනාශය නිසා උන්ව අල්ලන්න ආපු උන් දැන් රට ගොඩ ගන්න උන් එක්ක … 😜😜😜

Main News