ඉන්ධන සපයන හැටි ජනපති කියයි….

June 28, 2022 at 8:02 am | lanka C news
ඉන්ධන සපයන හැටි ජනපති කියයි….

ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතිව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාව පළ කරයි.

එතෙක් දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

දීර්ඝ කාලයක සිට මෙරටට ඉන්ධන ආනයනය කොට සැපයුම් කළ ප්‍රධාන සමාගම්වල නියෝජිතයන් සහ ජනාධිපතිතුමා අතර (27) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

තෙල් සැපයුම යථාවත් කිරීම සදහා මහ බැංකුවෙන් සහ ඛනිජ තෙල් සංස්ථාවෙන් මුදල් ලබාදීමටත්, මෙතෙක් අනුගමනය කළ ණයවර ලිපි විවෘත කිරීමේ ක්‍රමවේදයට ඉන්ධන ලබා ගත නොහැකි වුවහොත් යම් සහන කාලයක් ඇතුළත ඉන්ධන ලබා ගැනීමට අදාළ මවු සමාගම් සමග සාකච්ඡා කිරීමටත් තීරණය කෙරිණ.

ඉදිරි මාස කිහිපය සඳහා ඉන්ධන සැපයුම කළමනාකරණය කිරීමට සහ නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

මහ බැංකු අධිපතිවරයා හා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඝෘජුව මැදිහත්ව ඉන්ධන සැපයෙන මවු සමාගම්, ජාත්‍යන්තර බැංකු සහ මූල්‍ය ආයතන සමග සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව ඉන්ධන සැපයුම් නියෝජිතයෝ පෙන්වා දුන්හ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් ලේකම් කේ.එම්.එම් සිරිවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ යන මහත්වරු, බලශක්ති ආයතන සහ රාජ්‍ය මූල්‍ය ආයතන ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

69,027 views

20 Comments to “ඉන්ධන සපයන හැටි ජනපති කියයි….”

  1. senaka says:

    මේ පිස්සව එලවපු දවසට ගොඩක් රටවලින් ආධාර සහ නය දෙනවා. මේ පිස්සා ඉන්නකම් වැඩි පොලියට නයක්වත් දෙන්නේ නැහැ

  2. මහජනයා says:

    අපේ රටේ තෙල් ඇමති ශ්‍රී ලාංකීය වාර්ථා රැසකට උරුමකම් කියන දක්ෂ අමාත්‍යවරයෙක්. ලංකාවේ දිගම තෙල් පෝලිම් නිර්මාණය කලේ මෙතුමා. වැඩිම අගයකින් තෙල් මිල ඉහල දැමුවේ මෙතුමා. රටේ ජනතාවට තෙල් දෙන්න විදිහක් නෑ තෙල් දෙන්න වෙන්නේ අත්‍යාවශ්‍ය සේවාවලට විතරයි කියලා ජනතාවට තෙල් අහිමි කලේ මෙුතමා. ලක් ඉතිහාසයේ දක්ෂතම තෙල් ඇමතිවරයා ඔහුයි. මේ දවස්වල ඔහු තෙල් හොයාගෙන කටාර් ගිහිල්ලා. තෙල් නැත්තටම නැතිවෙනකම්ම් හිටියා මිනිහා කටාර්වලින් තෙල් ඉල්ලන්න. බලන්න ඔහුගේ කලමනාකරණය. අද්විතීයයි. ඔහුගේ ගුරුතුම්න වන කාක බැරිසිල් රාජපක්ෂයන්ට නොදෙවෙනි ඒකෙක්

  3. M G S G Mudunkotuwa says:

    nodakin apathaya.danda thota oka mathak une

  4. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    නූගත් බල්ලෙක් ජනාධිපති කරපු පාපය මමත් ගෙවන්න ඕනි හැට නම ලක්ෂයට ඡන්දෙ දාන්න මේ කොමෙන්ට් කරපු එවුන්ව හැටියට. මුගේ උගත් නූගත් තීරණ නිසා මුළු රටම අද අභාග්‍යයට පත් වී ඇත. රටම අඳුරේ ගිල්වා විදුලිය ්‍රවාහන පහසුකම් සෞඛ්‍ය පහසුකම් නැති රටක සංචාරක ව්‍යාපාරය ගැනත් යුරෝපයේ අන්ත දිළිඳු රුමේනියාවේ රැකියාව විදේශීය රැකියා සඳහා ලාංකියන් පුහුණු කළ යුතු යැයි කීමත් මේ ගොන් තකතීරු වගේ නුවණ මනින්නට හොඳම මිමි දෙකකි. අද මේ කාලකන්නියා මෙතන සිට කරන්නේ රාජපක්ෂ පවුලේ භුක්තිය ආක්ෂා කිරීම මිස වෙන කිසිවක් නොවේ මූ රටින් එලවා දැමිය යුතුයි.

  5. Susantha says:

    මේයකාට වෙලාවට පෙති ටික නොදී ඉන්න බූරුවා කවුද හැබෑට,

  6. Gamarala says:

    Too many cooks spoil the soup

Main News