ඉන්ධන හිගයක්…?

September 11, 2021 at 5:30 pm | lanka C news
ඉන්ධන හිගයක්…?

ඉදිරියේදී රට තුළ තෙල් හිඟයක් ඇති විය හැකි බව වාණිජ සේවා කර්මාන්ත හා ප්‍රගතිශීලි සේවා සංගමය සඳහන් කරයි.

එහි සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරන්නේ සෙනසුරාදා ඉරිදාට ඉන්දන බෙදාහැරීම නැවැත්වීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන බවයි.

වරාය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සපයන ආයතන වලට ඉන්ධන තබාගත හැකි ධාරිතාවක් ඇති බවත් එනිසා සෙනසුරාදා ඉරිදා තෙල් බෙදා හැරිය යුතු බවත් ඔහු පැවසීය.

මෙම මතයට ඇහුම්කම් නොදී අත්තනෝමතික ලෙස සේවකයන්ගේ අතිකාල කප්පාදුව සිතමින් මෙම තීරණය ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් උපරිම දෙයක් සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා භනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ සපුගස්කන්ද පිරිපහදුව සේවකයන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මෙරට තුළ තෙල් හිගයක් ඇති වීමට කිසිදු ඉඩක් නැති බවයි.

සෙනසුරාදා හා ඉරිදා දිනවල තෙල් බෙදාහැරීම නතර කිරීමට විරෝධය පළ කිරීම සදහා සේවකයන් විසන් වර්ජනය ක‍්‍රියාත්මක කරනු ලබයි.

47,532 views

8 Comments to “ඉන්ධන හිගයක්…?”

  1. පාවඩදෙණිය දොස්තර says:

    අපේ බයි මල්ලිලාට තෙල් නෑ කියල අවුලක් නෑ හැට නම ලක්සයක් ගොන්නු ඉන්න රටේ අපි ගොන් කරත්ත යූස් කරමු.හෙළ ප්‍රවාහන ක්‍රම.සවුබාග්ගේ දැක්මටත් ගැලපෙනව.පර සුද්දට ඩොලර් දෙන්න ඕනිත් නෑ.කරත්ත දක්කන ගමන් ගයමු වැඩ කරන අපේ විරුවා අපිට ලෙසටම ඇරියා.

    • කිඹුල් දත් දොස්තර says:

      හම්මේ ටොයි අයියලා නම් ගොන්නු නෙමෙයි මාර බුද්ධිමත්..
      ටොයි අයියලා ගෙනාපු රට හරක් ටික කරපු දේවල් අපිට මතක නෑ ..
      වසංගත නැතිව රට සාමන්‍ය විදිහට තියෙද්දී v 1+v 2+v 3 සුත්‍රය ගෙනල්ලා තෙල් අඩු කරලා සුපිරියටම රට කලා ..
      ක්‍රෝටන් කොළ කන්න සුදානම් වෙන්න කිව්වේ ටොයි ගොන්නු තණකොළ වෙනුවට ක්‍රෝටන් කොළ කාලා පොෂ් වෙයි කියල හිතලා නේද..
      ඇයි කරත්ත වෙනුවට නොතෙමි යන්න දීපු කාර්
      අපේ බුරු පුතා උත්තමයා හිටියා නම් රට අද කොහොමද…
      බොත්තම ඔබලා සංවර්දනේ කරන්නේ.. උස මිටි සැමට නිවාස..
      බුරු පුතා වගේ කෙනෙක් තමයි රටට් අවශ්‍ය මේ වෙලාවේ ආතල් දෙන්න මිනිස්සුන්ට

      • harsha says:

        ක්‍රෝටන් කොළ කන්න කියපු එකා කෘෂිකර්මය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ. ගිහින් ඌත් එක්ක බේරගන්න.

  2. Sam says:

    ඉන්දන හිගයක් ඇති වෙන්නෙ කොහොමද. IOC එක තියෙන්නෙ. අනික ඔය කෑ ගහන්නේ OT නැති වුණාට.

  3. Truth says:

    Biyo will be happy now

  4. Saman kumara says:

    ගෙම්බන්පිළ තෙල් ලිං හාරල තෙල් දෙයි ඉක්මනට ..අනික ඔච්චර තෙල් කන්න බොන්න නාන්න…රෙදි හෝදන්න පාපාවිච්චි කරන්න එපා

  5. මහින්ද says:

    රට යම්ප්‍රමාණයකට හරි lock down කරලා තියෙද්දි වෙනද වගේ ඉන්දන පරිභෝජනයක් නැතුව ඇති. එතකොට OT දාගෙන වෙනකාලවල වගේ නටන්න ඕනද ?

  6. Dengu Nona says:

    Indhana washayen “Hujja’ yodanna puluwanda kiyaa soyaa baleemata Kaarya Saadhaka Balakaayak” path karamu!

Main News