ඉන්ධන හිගයෙන් මගීන්ගෙන් දුම්රිය පිරී ඉතිරෙති.. පාපුවරුද පිරෙති..

June 15, 2022 at 12:40 pm | lanka C news
ඉන්ධන හිගයෙන් මගීන්ගෙන් දුම්රිය පිරී ඉතිරෙති.. පාපුවරුද පිරෙති..

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය වල මගී ගමනාගමනය ඉතා ඉහළ ගොස් තිබේ.

රාජකාරි වේලාවන්වලදී ධාවනය වන දුම්රියවල මගීන් පිරී සිටිනා අතර පාපුවරු සියල්ලම මගීන් ගමන් කරති.

බස් රථ ධාවනය මේ වන විට සියයට 90 කින් පමණ පහළ ගොස් ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පවතින ඉන්ධන හිඟතාවය මත ඉදිරියේදී බස් ධාවනය සම්පූර්ණයෙන්ම ඇන හිටීමට ඉඩ ඇති බවයි.

32,361 views

9 Comments to “ඉන්ධන හිගයෙන් මගීන්ගෙන් දුම්රිය පිරී ඉතිරෙති.. පාපුවරුද පිරෙති..”

  1. Sri Lankan says:

    Railway is the future mode of public transport. Not private vehicles or buses.

    Authorities should increase number of trains and also improve facilities at the railway station s.

  2. Kasun Perera says:

    අවුරුදු 74ක්ම කතිරේ ගහපු උන්ට හොද වැඩේ

    • රතු හුණ්ඩුව says:

      තෝ මෝඩ මාරි මුසලයෙක්. යකෝ කතිරය කියන්නේ යුතුකමක්

  3. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු.. says:

    DAN KALAKANNI DESHAPALUWO 225 KOHOMADA UNGE SUPER LUXERY VEHICLES WALA YANNE …APATHAYO ….

  4. Life says:

    රාජපක්කු කාපු රටේ මෙහෙම දුක් විඳ විඳ ජීවත් වෙනවට වඩා සැපයි ඔහොම පාපුවරුවෙ ගිහිං වැටිල මැරිලවත් යනවනං. බලාපොරොත්තු නොවෙන විදිහට වැටෙනව කියල දැනෙන්නෙවත් නැතුව වේගෙන් යද්දි වැටිල කළුරිය කරන්න අපි හැමෝටම වාසනාව උදාවේවා!

  5. Mohan says:

    පුපුරුවා තමයි දැන් යන්න වෙන්නෙ. වෙනද කෝච්චි 2 ක් එකතු කරල එවපු ඒව, දැන් එකක් කරල.

  6. Mohan says:

    පාපුවරුවෙ තමයි දැන් යන්න වෙන්නෙ. වෙනද කෝච්චි 2 ක් එකතු කරල එවපු ඒව, දැන් එකක් කරල.

  7. Lankeshwara says:

    දරුවනේ ඔය යන ගමන එතරම් සුවදායක නොවේ.ඔය පොල්ල සවිකර තිබෙන්නේ ඉතාමත් ඇන කිහිපයකින් යාම විදියකින් බර දරා ගැනීමට නොහැකිව ඒවා ගැලවීයාමට පුළුවනි එවිට ඇතිවන අවදානම ගැන සිතන්න දරුවා නුඹලා තව බොහෝ කාලයක් ආයු වළදන්න අවශ්‍යයි.මේ රටේ භාරගැනීමට සිටිනා දරුවන් බැවින් යාමට ප්‍රථම දෙපාරක් නොව.දාහස්වාරයක් සිතන්න.

  8. kalukaputaa says:

    mamanam oyavage paapuwaruwe yandath lehesthee, namuth kavadaawath ticket ganne nethuwa horenya. mona bambuwakatada mehema risk eken yanakotath ticket avashya?

Main News