ඉන්ධන හිග වෙන්නේ විපක්‍ෂයේ බොරු මත නිසා..

October 27, 2021 at 6:20 am | lanka C news
ඉන්ධන හිග වෙන්නේ විපක්‍ෂයේ බොරු මත නිසා..

රට තුල ඉන්ධන හිගයක් මතු වන්නේ ඉන්ධන හිඟයක් ඇති වෙතැයි විපක්ෂය ගෙන ගිය බොරු මත හේතුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ඉන්ධන හිඟයක් ඇති වෙතැයි විපක්ෂය ගෙන ගිය මතය හේතුවෙන් ජනතාව තම වාහනයට පෙරට වඩා ඉන්න පුරවාගන්නා බව ද ඔහු පැවසීය.

මේ හේතුවෙන් සාමාන්‍ය තත්වයන් යටතේ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ඉතා ඉක්මනින් අවසන් වීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද ඔහු සදහන් කලේය.

පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

8,043 views

6 Comments to “ඉන්ධන හිග වෙන්නේ විපක්‍ෂයේ බොරු මත නිසා..”

  1. Rocksamy says:

    What a marvelous brain! He is said to be a lawyer, what a pity! This type of bullshits have been assigned to rule the country. This kind of logic was heard from Andare.

  2. MD says:

    අනුර සජිත් කල්ලි කියන්නේ මේක රාජපක්ෂ පවුලේ වැඩක් කියලයි.

  3. මිල්රෝයි - වෙන්නප්පුව says:

    ඉන්ධන හිඟ වෙනවා කිව්ව ගමන් වාහනවල ඉන්ධන ටැංකි කලින් තිබුණ ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයකින් ලොකු වෙනවා. ඒක තමයි අලුත් කාක්ෂණය. එතකොට ෆුල් ටෑංක් ගහන්න කිව්වාම කලින්ට වඩා ඉන්ධන ප්‍රමාණයක් ටැංකියට පිරවෙනවා. එතකොට ඉන්ධන හිඟයක් ඇතිවෙනවා.

    • හැබෑව සමග බොරුව says:

      හැබෑව හැබෑව , අර ගෑස් හිඟ උනා වගේ . ඒකටත් කිව්වෙ මිනිස්සු ගෑස් වැඩිපුර ගෙදර ගෙනිච්ච නිසා , වෙළඳ පොලේ ගෑස් හිඟ උනා කියලනේ . එදා නං ටැංකි ඉදිමුනේ නැහැ , මිනිස්සු අතට අහුවෙච්ච භාජන වලට ගෑස් පුරෝ ගත්තා . මාරයි නේ , අපේ උං .

  4. Sunil says:

    කුකුලන්ගේ ආරක්ෂාවට වැටක් ගහන්ඩ නරි ටිකකට භාර දුන්නා වගේ. අය්යෝ මෙහෙමත් ආතල්…. හැබෑට විපක්ෂය ගැන ජනතාවට හෙන පැහැදීමක් නේද තියෙන්නේ. මොකට මෙහෙම ආණ්ඩුවක්. ආණ්ඩුව පත් කරපු ඇමති මිල අඩු කරන්ඩ අපෙන් විසදුම් අහනවා. විපක්ෂය එක
    කීමට ඉන්ධන වැය කරනවා. ළමයෙක්ට දීලා යන්ඩ සාන්ත

  5. 69 MIN BAIYOO says:

    ඔව්වට හිනා වෙන්න එපා. ඔය ගල් කෙප්පේ ඇත්‍ත කියල විස්වාස කරන මී හරක් ලන්කාවේ ඉන්නවා.බන් ? 😂😂😂😂

Main News