‘ඉන්න හිතෙන රටකට’ නාස් වසාගෙන කුණුකදු උඩින් පැන දුවති… මුළු කොළඹම කුණු පිරේ..
August 8, 2019 at 6:48 pm | lanka C news
කොළඹ නගර සභා සීමාව තුල කසල තැන තැන ගොඩ ගැසීම නිසා නගරසභා සීමාවේ බොහෝ ප්රදේශවල දැඩි දුර්ගන්ධයක් හමා යමින් තිබේ.
නගරයට පිවිසෙන ජනතාව ද සිය නාස් වසා ගනිමින් ගමන් බිමන්වල යෙදෙන ආකාරය දැත ගත හැකිය.
මීට හේතු වී ඇත්තේ කෙරවලපිටිය කසල අංගනයට කසළ භාර ගැනීම නවතා දැමීමයි. එහි කසල ධාරිතාව මේ වනවිට උපරිම තත්වයට පත්ව තිබේ.
මේ අතර කොළඹ නාගරික කොමසාරිස්වරයා සදහන් කරන්නේ අද දිනයේ සිට පුත්තලම අරුවක්කාලු කසල අංගනයට කසල ගෙන යාම ආරම්භ කරන බවයි.
නමුත් කොළඹ නගරයේ තැන තැන ගොඩ ගැසී ඇති කසළ ඉවත් කිරීමට තවත් දින දෙකක් පමණ ගතවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
අර ගෑනී ලැට් හද හද විකාර කර කර හිටියා මිසක් සැබෑ ප්රශ්න විසදුවේ නෑ.
Rosi eyage kasala baharakaraganna witharai awilla thiyenne.