Instagram බිද වැටේ.. Whatsapp මගින් සයිබර් ප්‍රහාර කතාව බොරුවක්…

May 15, 2019 at 8:02 am | lanka C news
Instagram බිද වැටේ.. Whatsapp මගින් සයිබර් ප්‍රහාර කතාව බොරුවක්…

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ඉන්ස්ටග්‍රෑම් අඩවිය ලොවපුරා බිදවැටිමකට ලක්වී ඇතැයි වාර්තාවන අතර ඉන්ස්ටග්‍රෑම් අඩවියට අලුතින් එක් කරන ලද චායාරූප හා ස්ටෝරි බලාගත නොහැකි වුවත් එම අඩවියට මෙම බිදවැටීම සිදුවීමට පෙර එක් කරන ලද දෑ නැරබිය හැකි බවත් මෙයට හේතුව මේවනතෙක් අනාවරණය වී නොමැත.

මෙම බිදවැටීම මුලික වශයෙන් යුරෝපය,ඔස්ට්‍රේලියාව,දකුණු ඇමරිකාව වැනි ප්‍රදේශ වලට දරුණුව බලපෑ ඇති අතර ඉන්ස්ටග්‍රෑම් අඩවියට පරිශීලකයෙකු වශයෙන් එකතු වීමට නොහැකි වී ඇති අතර මෙම බිදවැටීමෙහි මුලික ගැටලුව වී ඇත්තේ ඉන්ස්ටග්‍රෑම් නිවහනෙහි නවතම චායාරූප යාවත්කාලින නොවීමයි.

මෙම බිදවැටීමට ශ්‍රී ලංකාවෙහි පවතින තත්වය කිසිසේත්ම බලනොපා ඇති බවත් මේ නිසා ජනයා අනිසි බියක් ඇති නොකරගත යුතු බවත් මේ පිලිබදව ජනතාව මාධ්‍ය මගින් දැනුවත් කරන මෙන් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස ඉල්ලා සිටිමු.

තවද ජනමාධ්‍ය මගින් විදේශ පුවත් යටතේ පළවන ලද වන “වට්සැප් මගින් සයිබර් ප්‍රහාරයක්” යන පුවත සාවද්‍ය පුවතක් බවත් වට්සැප් සමාගම මේ පිලිබදව කිසිදු නිවේදයක් නිකුත්කොට නැති බවත් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අප ප්‍රකාශ කරමු.

සිදුවී ඇත්තේ වට්සැප් සමාගම විසින් වට්සැප් යෙදුමෙහි සයිබර් ප්‍රහාරයක් සිදුකිරීමට යොදාගැනීමට තිබූ අඩුලුහුඩු කමක් සොයාගැනීමක් පමණක් බවත් ඔවුන් මේ වනවිට මේ සදහා නවතම යාවත්කාලීනයක් නිකුත්කොට ඇති බවත් මෙය සාමාන්‍ය දෙයක් නිසා ජනතාව අතර අනිසි බියක් ඇති නොකරනා ලෙස ජනමාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

24,048 Viewers

3 Comments to “Instagram බිද වැටේ.. Whatsapp මගින් සයිබර් ප්‍රහාර කතාව බොරුවක්…”

  1. chandika says:

    Me mona vikaarayakda ? Apita oya magula bidavatunata vada ada rate paare bahala yanna bayayi!

  2. Senarath says:

    අනුන්ගෙ තාක්ෂණ තමන්ගෙ කියවන එක හරිද?

  3. Harsha says:

    ශ්‍රී ලංකා පරිවර්තන සමුහය කියන්නේ මොකක්ද? ඇහුවෙත් අදමයි

Main News