ඉපදුනු ගමන් දරුවා මව විසින් වැවට විසි කරයි..

August 20, 2019 at 5:30 pm | lanka C news
ඉපදුනු ගමන් දරුවා මව විසින් වැවට විසි කරයි..

මුලතිව් මාන්තෙයි නැගෙනහිර පූවර්සන්කුලම් වැව් ඉවුරට ගොඩගසා තිබූ අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් ඊයේ (19) සවස හමු වූ බවට මල්ලාවි පොලීසිය පවසයි.

බිළිඳිය උපන් අවස්ථාවේම ඇගේ මව විසින් වැවට ගෙනවිත් දමා ඇති බවටත් බිළිඳියගේ මළ සිරුර වැව් ඉවුරට ගොඩ ගසා තිබියදී වැසියෙකු දැක ඒ බව පොලීසියට දැනුම් දුන් බවට ප්‍රදේශවාසීන් පැවසූහ.

අදාල ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පැමිණෙන අවස්ථාවේ බිළිඳිය මිය ගොස් සිට ඇති අතර මළ සිරුර මාන්තෙයි රෝහලට භාර දී ඇත.

බිළිඳිය දමා ගිය මව මෙතෙක් අනාවරනය වී නොමැති අතර ප්‍රදේශයේ කාන්තාවක්ද එසේත් නැතිනම් පිට පලාතකින් පැමිණි කාන්තාවක් මෙම ක්‍රියාව සිදු කලේද යන්න පිළිබඳව පරික්ෂණ සිදු කරන බවටද මල්ලාවි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,527 Viewers

6 Comments to “ඉපදුනු ගමන් දරුවා මව විසින් වැවට විසි කරයි..”

  1. කුෂාන් says:

    උදේ හවා බණ කියන රටක් නේද? සිංහල බෞද්ධයො මෙහෙමද හැසිරෙන්නෙ? 2500 ක රෙද්දෙ සංස්කෘතිය. සිංහල බෞද්ධ ඔබ ගැන ලැජ්ජයි. කළකිරෙනවා මචන්.

    • sinha le says:

      මුලතිව් මාන්තෙයි කියන්නේ දෙමල ගමක්

    • sinha le says:

      දවසට 5 පාරක් හදේ ඉන්න අල්ලට වැදලා මිනිමරනවා ගැනු 72ක් ගන්න ලැජ්ජයි

    • mongal says:

      Mulathiv Maantheyi Kohe inna sinhala baudayoda ban. Ehe inne serama parana ithuru wechcha koti. Hitapu sinhalayo mulathiv walin elawla dan awurudu 30 katath wadiyi.

    • Sadda says:

      කුශාන් , අවුරුදු 2500ක සංස්කෘතිය ගැන විවේචනය කරල, සිංහලයට විතරක් බනින්නෙ ඇයි?. මේ වැඩේ කරල තියෙන්නේ සිංහල ද දෙමලද, මුස්ලිම් ද කියලා දන්නේ නැතිව එසේ කීම අනුමත කල නොහැකිය. මේක සමාජීය හා ආර්ථික ප්‍රශ්නයක්.

  2. Saradiel says:

    නිවන් සැප ලැබේවා

Main News