ඉපිලෙන වේග තණතීරුවේ අප‍්‍රිකාව දණ ගැස්වූ පොඩි සනා අන්තර්ජාලය කළඹයි.. කලකින් දුටු සුපිරි ඉනිම මෙන්න..[Video]

February 17, 2019 at 9:22 am | lanka C news
ඉපිලෙන වේග තණතීරුවේ අප‍්‍රිකාව දණ ගැස්වූ පොඩි සනා අන්තර්ජාලය කළඹයි.. කලකින් දුටු සුපිරි ඉනිම මෙන්න..[Video]

සංචාරක දකුණු අප‍්‍රිකා කණ්ඩායම සමගින් පැවති පලමු ටෙස්ට් තරගය ජය ගැනීමත් සමග ශ‍්‍රී ලංකා කි‍්‍රිකට් රසිකයන්ගෙන් පිතිකරු කුසල් ජනිත් පෙරේරාට අන්තර්ජාලය ඔස්සේ උණුසුම් ප‍්‍රතිචාර ලැබෙමින් තිබේ.

දකුණු අප‍්‍රිකාවේ වේගවත් ඉපිලෙන තනතීරුවේ අනෙත් පිතිකරුවන් එකිනෙකා දැවී යද්දී සිය අන්තය රැුක ගනිමින් අවසන් පිතිකරුවා සමගින් එක්ව ශ‍්‍රී ලංකා පිල ජයග‍්‍රහණය කරා ගෙන යාමට කුසල් සමත් විය.

දකුණු අප‍්‍රිකාවේදී වෙනත් රටක පිතිකරුවෙකු සිවුවන ඉනිමේදී ශතකයක් ලබා ගත්තේ ඊයේ ලබා ගත් කුසල්ගේ ශතකය පමණි.

47 views
Main News