ඉම්රාන් ඛාන් විශේෂ ගුවන් යානයකින් ලංකාවට.. ආ සැණින්ම ගිවිසුම් 05ක්ට අත්සන්..
February 23, 2021 at 5:30 pm | lanka C news
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු එරට දූත පිරිස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කටුනායන බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී අද 2021.02.23 දින පස්වරුවේ ඉමහත් හරසරින් පිළිගනු ලැබුවේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනාවකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස මෙරටට පැමිණියහ.
පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දීමට සමත් වූ ඉම්රාන් ඛාන් මහතා එරට 22වැනි අග්‍රාමාත්‍යවරයාය. අග්රාමාත්යධූරයට පත්වීමෙන් පසු ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන පළමු අවස්ථාව මෙන්ම 2021 වසරේ එතුමාගේ පළමු විදෙස් නිල සංචාරය ද මෙය වේ.
කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණි පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙනුවෙන් හමුදා වෙඩිමුර 19ක් සහ හමුදා සම්මාන ආචාර පෙළපාලියක් ද පැවැත්විණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් ඊට එක්වූහ.
අනතුරුව පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා ගුවන්තොටුපළෙහි වූ සුවිශේෂී අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි (Golden Book) සටහනක් තැබුවේය.
මෙරටට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර මුහුණට මුහුණලා පැවත්වෙන ද්විපාර්ශවික සාකච්ඡා අද සවස අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාගේ සහභාගිත්වය ඇතිව දෙරට අතර ආර්ථික හා වෙළඳ, ආයෝජන, කාර්මික තාක්ෂණ, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ගිවිසුම් 5 ක් අත්සන් තැබීමට නියමිතය.
පාකිස්තානු විදේශ හා වාණිජ අමාත්‍යවරුන් ඇතුළු විශාල වෙළඳ දූත පිරිසක් පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා සමඟ මෙරටට පැමිණ තිබේ.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හෙට (24) දිනයේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය. අනතුරුව කොළඹ දී පැවැත්වෙන වෙළඳ හා අයෝජන සමුළුවට එක්වන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා නැවත සිය රට යාමට පෙර ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් හමුවනු ඇත.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් හා අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
අර්ජුනය ඉන්නේ ගජ යාලුවා හමු වෙන්න
පිත්තේ දක්ෂකමින් දෙරටම අභිමන් දුන්න
දෙන්නම රට ගැන හිතලයි තවමත් ඉන්න
ඉම්රාන් කියයි අර්ජුනට ක්‍රිකට් නං වන්න
ලෝකෙටම ණය වෙලා ඉන්න මිනිහෙක් ඒ වගේම ණය වෙලා ඉන්න තවත් මිනිහෙක් එක්ක මොන ගිවිසුම ගැහුවත් ඒකෙන් ඇති පලේ මොකද්ද ?
රන්වල ණයක් නැතිවයි ජීවත් වන්නේ
ඒ බව ඔහුගෙ පසුම්බියෙ කට දන්නේ
පොකට් ගසා ණය නැහැ පෙන්වන්නේ
පික්පොකට් මුදලින් ඔහු ජීවත් වන්නේ
Stupid comment. Paranoid thinking.
Stupid comment with negative attitude. Paranoid thinking.
ලෝකෙටම ණය වෙලා නෑනෙ ලංකාව. ජෙප්පොන්ගේ බොරු ගනන් ගන්නෙ නෑ දැන් මිනිස්සු.
වැටුනු හැමවිටම අපිට සවිය දුන්නු රටකි
අල්ලපු රට වගේ නොව පකිස්ථාන සුරකි
යුධ දිනනතුරු දුන් පන්නර රටටම මතකි
කප් එක එසවු ඒ රටේ බව ඛාන්ට මතකි
මල්ලි බැසිල් අයියා ඉම්රාන් කාන් මහත්තයාට ත් ඇරියොත් ? හෆොයි අපිට මොකෝ වෙන්නේ..
යොවුන් රාණීව දැක බැසිල් විසිල් තියා
කලදෙය මතක්වී රාණී හිරිවැටිල ගියා
සතුට වැඩි කමට යට ඇඳුම තෑගි තියා
අමතක වෙලා දුන් මුදල රාණි දාල ගියා
yowun raanita hukanda imranta basil set korala dunnaa. imrange adi 2k diga sunnath polla dekala yowun raani
kalanthe daala wetune nehe. eken enagena hondaheti rasa vindaa.
RIP SL
Please help to develop Sri Lankan Crickets…………………….
ලාබෙට මොකුත් විකුණන්න ( අලුත් වචනය ආයෝජනය) තියෙනවා කියලා නැත් ද ?
කොහොමද හමුදාව දමාගෙන රට පාලනය කරන හැටි කියල දෙන්න වෙන්ඩ ඇති එන්ඩ ඇත්තෙ.