ඉරණතිවු වෙරළෙන් නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 1600ක් අත්අඩංගුවට..

September 23, 2019 at 2:02 am | lanka C news
ඉරණතිවු වෙරළෙන් නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 1600ක් අත්අඩංගුවට..

කිලිනොච්චිය ඉරණතිවු දුපත ආශ්‍රිත වෙරළේ තිබී නීතිවිරෝධී බීඩිකොළ කිලෝග්‍රැම් 1616ක් නාවික හමුදාව විසින් 20 වනදා රාත්‍රියේ සොගෙන ඇත.

උතුරු මැද නාවික විධානය විසින් ඉරණතිවු දුපත ආශ්‍රිත වෙරළ තීරයේ සිදුකළ මෙහෙයුමකදී අදාළ බීඩී කොළ තොගය මුහුදු වෙරලට ගොඩගසා තිබියදී සොයාගෙන ඇත.

එහිදී පාර්සල් 24ක තිබි අදාල නීතිවිරෝධී බීඩි කොළ තොගය සොයාගෙන ඇති අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් නාවික හමුදා මුර සංචාරයන් දැක ජාවාරම් කරුවන් එම බීඩිකොළ තොගය මුහුදට දමා පලා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.

ඒ අනුව හමු බීඩී කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දීමට පියවර ගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

988 Viewers
Main News