ඉරණමඩු කොටි ගුවන් තොටුපලින් හමුදාව ඉවත් කරන්නැයි රජයට දන්වයි..

August 26, 2017 at 3:50 pm | lanka C news
ඉරණමඩු කොටි ගුවන් තොටුපලින් හමුදාව ඉවත් කරන්නැයි රජයට දන්වයි..

මුහුදු කොටි කඳවුරක්‌ව තිබූ ඉරණතිව් දූපත සහ කොටි ගුවන් ඒකකයක්‌ ස්‌ථාපිතව තිබූ ඉරණමඩු ගුවන් ධාවන පථය ඇතුළු ප්‍රදේශයෙන් හමුදාව ඉවත් කරන ලෙස ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත.

මෙම ස්‌ථාන දෙකම කොටින්ගේ උපායමාර්ගික කේන්ද්‍රස්‌ථාන ලෙස ක්‍රියාත්මක විය.

“කොටි මිසයිල ඒකකයක්‌ ඉරණතිව් දූපතේ ස්‌ථානගත කර තිබුණා. කොළඹට බෝම්බ දැමුවේ ඉරණමඩු ගුවන් ධාවන පථයේ සිටයි. මේ ඉල්ලීම පසුබිමේ ද්‍රවිඩ සන්ධානයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සැක පහළ වෙනවා” යෑයි ඉහළ පෙළේ ආරක්‌ෂක ආරංචි මාර්ග පැවැසීය.

මේ අතර මුලතිව් හමුදා මූලස්‌ථානය ඉවත් කිරීම සඳහා රජය තීරණය කර ඇත.

– දිවයින

209 views