ඉරණමඩු ජලශයේ ජලය යාපනයට ගෙනයාමේ සැලසුමක්…

January 19, 2019 at 2:09 am | lanka C news
ඉරණමඩු ජලශයේ ජලය යාපනයට ගෙනයාමේ සැලසුමක්…

උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා (18) හදිසියේ ඉරණමඩු ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

පසුගිය ජනවාරි 10 වැනි දින ආණ්ඩුකාරතුමා ජලාශය නිරීක්ෂණය කිරීමේදී නිලධාරීන් සමඟ සාකච්ඡුා කල පරිදි ගත් තීන්දු තීරණ ක‍්‍රියාත්මක කිරීම පිළිබඳවත් මේවන විට ඉරණමඩු ජලාශයේ තත්ත්වය පිළිබඳවත් සොයා බැලීම සඳහා ආණ්ඩුකාරතුමා මෙම හදිසි සංචාරයේ නිරත විය.

එහිදී ප‍්‍රධාන ඉංජිනේරුතුමන් සහ අනෙකුත් නිලධාරීන් සමඟ කළ සාකච්ඡුාවේදී ආණ්ඩුකාරතුමන්ව දැනුවත් කළේ මෙම මස 31 වැනි දින වනවිට ඉරණමඩු ජලාශයේ කාන්දු වීම නිවැරදි කොට සම්පූර්ණ ජලාශයේ අලූත්වැඩියා කටයුතු අවසන් කිරීමට හැකි බවයි.

එසේම ඉදි කිරීම් සඳහා දායක වූ පෞද්ගලික කොන්ත‍්‍රාත් සමාගම ඉදිරි මාස 6 තුලදීද නිරන්තර නිරීක්‍ෂණ කටයුතු සහ නඩත්තු කටයුතු සිදු කරන බවද ප‍්‍රධාන ඉංජිනේරුතුමන් මෙහිදී සඳහන් කළේය.

තවද ඉරණමඩු ජලාශයේ 40%ක ජලය කෘෂිකර්මාන්තයට යොදා ගන්නා අතර ඉතිරි 60%ක ජලය පාවිච්චියෙන් තොරව මුහුදට ගලා බසින බව මෙහිදී හෙලි විය.

මෙහිදී ආණ්ඩුකාරතුමන් උතුරු පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ඉංජිනේරු එන්. සුදාකරන් මහතා අමතා මුහුදට ගලා බසින 60%ක ජල ප‍්‍රමාණය යාපනය ප‍්‍රදේශයට ගෙන ගොස් එම ප‍්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ජිවනෝපායන් ඇතු`ථ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට ව්‍යාපෘති යෝජනාවක් සකස් කර දෙන මෙන් දන්වා සිටියහ.

– උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

131 views

2 Comments to “ඉරණමඩු ජලශයේ ජලය යාපනයට ගෙනයාමේ සැලසුමක්…”

  1. NAK says:

    Very good! Some one must take the lead.

  2. NAK says:

    Had this been done earlier the recent flood destruction would not have been so severe.

Main News