ඉරණමඩු ජලාශයේ පැරණි සමරු ඵලකය පැය 24 න් ඉදිවෙයි …

December 11, 2018 at 6:48 pm | lanka C news
ඉරණමඩු ජලාශයේ පැරණි සමරු ඵලකය පැය 24 න් ඉදිවෙයි …

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉවත් කරන ලද ඩඩ්ලි සේනානායක මහතාගේ පැරණි සමරු ඵලකය පැය 24 ක් තුල තිබූ ස්ථානයේම නැවත ස්ථාපිත කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබා දුන් බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යලය හා මාධ්‍ය ඒකකය විසින් විශේෂ නිවේදනයක් කරන ලදි.

උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ්කුරේ මහතාගේ අධීක්ෂණයෙන් අද (11) උදෑසන උතුරු පලාත් ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික ලේකම් ජේ.එම්.සෝමසිරි මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් ඉවත් කරන ලද සමරු ඵලකය නැවත ස්ථාපිත කිරීම් පිළිබඳව සොයා බැලීමට ඉරණමඩු ජලාශයේ නිරීක්ෂණයක නිරත වූහ.

ඉරණමඩු ජලාශයේ සංවර්ධනය කිරීමෙන් පසුව 1954 වසරේදී එවක අග්‍රාමාත්‍ය වු ඩි.එස්.සේනානායක මහතා හා එවක කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නාමයන් සඳහන්ව පැවති නාම පුවරුව  ඉවත් කොට නව සමරු ඵලකයක් ඉදිකොට පසුගිය 07 වනදා ජනාධිපතිතුමන්ට විවෘත කිරීමට කොන්ත්‍රාත් කරුවන් විසින් පියවර ගෙන තිබුණි.

1954 ජුනි මස  05 වන දින ස්ථාපිත කරන ලද මෙම  සමරු ඵලකය නව ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන්   ඉවත්කර තිබේ .

අනතුරුව උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් විසින් පැරණි සමරු ඵලකය පැය 24 ක කාලයක් තුලදී නැවත තිබූ ස්ථානයේම ස්ථාපිත කිරීමට කොන්ත්‍රාත් කරුවන්ට උපදේස් ලබාදෙනු ලැබූ අතර අද දින 2018-12-11 උදැසන 10.15 වන විට අදාල සමරු ඵලකය නිසියාකාරව අදාල ස්ථානයේ ස්ථාපිත කරන ලදී .

 – වජිර කොඩිතුවක්කු

21,454 Viewers

5 Comments to “ඉරණමඩු ජලාශයේ පැරණි සමරු ඵලකය පැය 24 න් ඉදිවෙයි …”

  1. වෙබ් බුවා says:

    මෙම ජලාශය මුලින්ම ඉදිකරන ලද්දේ ඩී එස් සේනානායක නොව ධාතුසේන රජතුමා විසිනි

  2. Gotaimbara says:

    Well done. This shows Sri Lankans’ abilities. We only need good decision making in parliament.

  3. Love nature says:

    ඉරණමඩු ජලාශය සැදුවේ අපේ මහසෙන් රජු එතුමාට අපේ ප්‍රණාමය පුදමු

  4. Kaduwela Silwa says:

    In 1902 the Director of Irrigation H. T. S. Ward came up with proposals for building a new irrigation tank on the Kanakarayan Aru in northern Ceylon.[4] Work in the tank, which had a catchment area of 227 sq mi (588 km2) and was to hold 26 ft (8 m)[a] of water, began in July 1902[b] but was delayed by the World War I.[2][3][5] Construction was completed in 1921[c] and the tank was filled and spilling in November 1921.[5] The tank was created by joining up two low lying swamps of the Kanakarayan Aru.[4] Construction was carried out manually and the labourers were housed in a new colony – present day Kilinochchi.[2][3] The tank cost Rs. 194,000 to construct.[2] The tank’s name was derived from the Tamil words for two (iranai) and pond (madu).[4] (Find from Wikipedia)

  5. Dasa Nayaka says:

    Even Tamil tigers didn’t remove it during war.

Main News