ඉරණමඩු ජලාශයේ ‘සේනානායක’ පැරණි නාම පුවරුව ඉවත් කර නෑ..
December 11, 2018 at 8:03 am | lanka C news
ඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකොට තිබු සේනානායක මහත්වරුනගේ නම් සඳහන්ව පැවති නාම පුවරුව මේ වන විට ඉවත් කොට ඇති බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසති.
කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව එවක අග්‍රාමාත්‍ය වු ඩි.එස්.සේනානායක මහතා හා එවක කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නාමයන් සඳහන්ව පැවති නාම පුවරුව එලෙස ඉවත් කොට ඇති බවයි.
කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ ඉරණමඩුව ජලාශය 1954 වසරේ ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමේදී සේනානායක මහත්වරුන්ගේ නම් සඳහන්ව අදාළ නාම පුවරුව ඉදිකොට තිබු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාලයේ දෙවන ඉංජිනේරු ප්‍රේම්කුමාර් මහතාගෙන් විමසීමේදී පැවසූවේ අදාළ නාම පුවරුව ඉවත් කිරීමට පියවරක් ගෙන නොමැති බවටයි.
එමෙන්ම විවධ හේතූන් නිසා අබලන් තත්වයේ පැවති නාම පුවරුව ඉවත් කොට නව නාම පුවරුවක් ඉදිරියේදී සකස් කොට එම ස්ථානයේදීම ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවටයි කිලිනොච්චිය වාරිමාර්ග නිලධාරීන් කියා සිටියහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඉරණමඩු ජලාශය උතුරු පළාතේ ඇති ප්‍රධානතම ජලාශයක්. වර්ග කිලෝ මීටර් පනහක පමණ භූමි ප්‍රදේශයක් වසාගෙන සිටින ඉරණමඩු වැව පස්වෙනි ශතවර්ෂයේදී ධාතුසේන රජතුමා ඉදිකළා සේනානායකගේ කෙහෙල්මල්ලක් නොවේ
ඉරණමඩු ජලාශයේ නම ඉරණමඩු ධාතුසේන ජලාශය ලෙස නම් කල යුතුයි
අපේ පැරණි රජවරු කල වැව්වලින් ප්‍රයෝජන ගනිමින් ඒවාට දෙමළ නම් යෙදීම තහනම් කරනු .
සිංහල මව් බිමේ දෙමළ ඊළම හැදීමට දෙමලජාතින් ට ඉඩ නොදිය යුතු යි අපේ සිංහල ගම් දෙමල කිරීමට ඉඩ නොදීමට ලක් රජය වහාම පියවර ගත යුතුයි
දැන් බලනකොට මුලින්ම ඥාතිසංග්‍රහය පටං අරගෙන තියෙන්නේ හූඇම්පියේ ඩී.ඇස් ලොක්කම නෙව…කොහොමද ඒක?…