ඉරණමඩු බුදු පිලිමය වහා ගලවනු..- TNA මන්ත්රී ශ්රීධරන් නියෝග කරයි..
December 4, 2017 at 10:00 am | lanka C news
කිළිනොච්චිය ඉරණමඩු ජලාශය අසල යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද බුදු පිළිමය ඉවත් කල යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එස්.ශ්රීධරන් මහතා වාරිමාර්ග නිලධාරීන්ට දැණුම් දී තිබේ.
මෙම ස්ථානයේ බුදු පිලිමයක් ඉදි කරන ලද්දේ යුද හමුදාවට වන්දනාමාන කිරීමට බවත් දැන් එම ස්ථානයේ යුද හමුදාව නොමැති නිසා බුදු මැදුරක් තිබීමෙන් ඇති ප්රයෝජනයක් නොමැති බවද මන්ත්රීවරයා විසින් වාරිමාර්ග නිලධාරීන්ට දැණුම් දී තිබේ.
රුපියල් මිලියන 3200 ක වියදමකින් ඉරණමඩු ජලාශයේ සංවර්ධන හා නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ වී ඇති නිසා ජලාශයේ ඇතුළුවන දොරටුව පුළුල් කිරීමට මෙම බුදු මැදුර පිහිටීම බාධාවක් බව පවසන මන්ත්රීවරයා එම බුදු මැදුර ස්ථාපිත කල යුද හමුදාව ලවාම එය ඉවත් කිරීමට පියවර ගන්නා මෙන්ද දැණුම්දී තිබේ.
මීට පෙරද යුද හමුදාව එම කඳවුරේ සිටින අවස්ථාවේදීද අදාල බුදු පිළිමය ඉවත් කරන ලෙසට අවස්ථා කිහිපයකදීම මන්ත්රීවරයා ඇතුලු තවත් දේශපාලඥයින් හා සිවිල් සංවිධාන කිහිපයක් විසින්ද දැනමු දෙනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
තෝ කියනකල් හිටියේ සෑර් ඕක ගලවන්න. දත නියවාගෙන බලාගෙන හිටු.
වහාම නියෝගෙ ඉස්ට කොරනු- ෂංඉඳියාව බිඳෙයි නැත්තන්!
Are these people true Hindus…how can they be so scared and hate lord Buddha…hell is already created for this foolish guy…